25.6 C
Colombo
2026-09-21
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද?
කැමැති නමක් කියන්න. මොකද මම ඔය නම් දෙකටම කැමැතියි. “මුතුකුඩ” ටෙලි නාට්‍ය මේ රටේ ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැළඳගත් නිසානේ මම මුතුකුඩ මැණිකේ වුණේ.
කොහොමද ඔබට “මුතුකුඩ මැණිකේ” වෙන්න අවස්ථාව ලැබුණේ?
මම “ගිරිකු‍ලේ දෝංකාරය” කියලා ටෙලි නාට්‍යයක රඟපෑවා. හැබැයි ඒ කතාව විකාශනය වුණේ නැහැ. ඒ ටෙලි නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කළේ සෑම් පෙරේරා. සෑම් අංකල් තමයි ටිකිරි රත්නායක මහතාට මා ගැන කියලා තියෙන්නේ. ඒ විදිහට තමයි මට මුතුකුඩ මැණිකේ වෙන්න අවස්ථාව ලැබුණේ.
තිළිණි ක්‍ෂේත්‍රයට ආවේ අහඹු සිදුවීමකින් කියන්නේ ඇත්තද?
ඔව්, ඒ මට අවුරුදු 13දී. ටයිටස් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණය කළ “කැදැල්ල නෑ උණුසුම්” ටෙලි නාට්‍යය රූගත කළේ අපේ ගමේ. මම අක්කලා එක්ක මුහුදු වෙරළට ගියා සෙල්ලම් කරන්න ගවුමකුත් ඇඳගෙන. ඒ වෙනකොට බිච් එකෙත් “කැදැල්ල නෑ උණුසුම්” කියන ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කරනවා. එත කොට ටෙලි නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම මාව දැකලා තියෙනවා. ඊට පස්සේ මගෙන් ඇහුවා රඟපාන්න කැමැතිද කියලා. ඔය විදියට මටත් පුංචි කෑල්ලක් ඔය කියන ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණා. එදා පටන්ගත් ගමන තමයි මේ.
මේ වෙනකොට ඔබ රඟපෑ වෙනත් නිර්මාණ මොනවාද?
ඩබ්.පතිරණ මහතාගේ ගිරිකු‍ලේ දෝංකාරය, ජෝසප් ජෙරම් මහතාගේ සිහපතක සිහිනය ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකම මම ප්‍රධාන නිළියගේ චරිතයට පණ දුන්නා. ඔක්කොම ගත්තොත් ටෙලි නාට්‍ය 10ක විතර මේ වනවිට රඟපාලා තියෙනවා.
රිදී තීරයෙන් තවම ආරාධනාවක් ලැබුණේ නැද්ද?
චිත්‍රපට කිහිපයකට නම් ආරාධනා ලැබුණා. ඒත් ඒ එක චරිතයක්වත් මට නොගැළපෙන නිසා මම ඒ චරිත ප්‍රතික්‍ෂේප කළා. මං සිනමාවට එන්න කැමැති ඓතිහාසික වීර චරිතයකින්. මං විශ්වාස කරනවා දැනට අපේ සිනමාවේ ඓතිහාසික වීර කතාවලට පණ‍පොවන්න පුළුවන් නිළියන් අතරේ මාත් ඉන්නවා කියලා.
ඔබේ රංගන ජීවිතයට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද?
මගේ පවු‍ලේ ඉන්නේ අම්මයි, තාත්තායි, මමයි අක්කයි. මුලදී නම් මම රඟපානවට ගෙදරින් ‍පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. ඒත් දැන් “මුතු කුඩ” ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාරත් එක්කම ගෙදර අයටත් මගේ රඟපෑම ගැන සතුටුයි.
ඒත් අම්මා නම් හැම වෙලාවෙම කියනවා චරිත තෝරා බේරා ගද්දී හොඳට හිතලා මතලා ඒ දේ කරන්න කියලා. මම කාගෙවත් දෝෂාරෝපණයකට ලක්වන චරිත රඟපානවට ගෙදර අය කැමැති නෑ.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Related posts

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

Shiran Viraj

නව සන්ධානයේ මංගල රැලිය කැදවයි.. ප‍්‍රබලයන් වේදිකාවට…

Shiran Viraj

චීනයේ ඉහලම ධනවතුන් පිරිසක් ලංකාවට… ආයෝජනයට තැන් සොයයි…

Shiran Viraj
Translate »