31 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

පරිසරය රැක ගන්න රුපියල් මිලියනයක දඩයක්

පරිසරය ගැන බොහෝ දෙනාගේ වැඩි අවධානයක් මේ දිනවල යොමුව තිබෙනවා. මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පසුව ඇති වූ තත්වයන් ඊට ආසන්නතම හේතුවයි.
පරිසරයට හානිකරවූද? කසල ගැටළුව ඔඩුදුවන්නට හේතුවක්වූද? ප‍්‍රධාන කරුණක් ලෙස පොලිතීන් හඳුනා ගැනෙනවා.
නියමිත අගයකට වඩා අඩු ඝණකමකින් යුත් පොලිතීන් භාවිතය තහනම් කිරීමට කලක දී රෙගුලාසි ද පැනවුණා. එහෙත් එම රෙගුලාසි නිසි ලෙස ක‍්‍රියාත්මක වූයේ දැයි ගැටළුවක්.
එසේ තිබියදී ප‍්‍රමිතියෙන් තොර පොලිතීන් භාවිතය අවම කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය දැන් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ, එවැනි පොලිතීන් නිෂ්පාදකයින්ට එරෙහි දඩය වැඩි කිරීමටයි.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් කේ. එච්. මුතුකුඩ ආරච්චි සඳහන් කළේ “අපිට ප‍්‍රමිතියෙන් තොර පොලිතීන් නිෂ්පාදනය කරන නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන කටයුතු තහනම් කරන්න බලය තියෙනවා. ඒ වගේම දැනට දඩය තියෙන්නේ රුපියල් දසදහසක් වගේ මුදලක්. අපිට ඒ දඩ මුදල මිලියනයක් දක්වා වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවට ගිහින් පනත සංශෝධනය කරන්න අවශ්‍යයි.” යනුවෙනි.
(under the courtesy of nethfm news web)

Related posts

ආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…

Shiran Viraj

ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ සංවිධායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Shiran Viraj

මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයි

Shiran Viraj
Translate »