25.6 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (16) ආරම්භ වන ටෙස්ට් කි‍්‍රකට් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ තිබෙනවා. තරගය ආරම්භ වීමට නියමිතය තිබුණේ ශ‍්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ටයි.
එහෙත් තණනිල්ල තෙත සහිත වීම නිසාත් මද වැසි ඇදහැලෙමින් තිබීම නිසාත් නියමිත වේලාවෙට තරගය ආරම්භ කිරීමට හැකිව තිබුණේ නැහැ. වැසි නැවතී මද වේලාවකට පසු තණනිල්ල ආවරණ ඉවත් කෙරුණා. එහෙත්  යළි වැසි ආරම්භ වීම නිසා ආවරණවලින් තණනිල්ල වසා දැමුණු බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න් ක‍්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙනවා.
—————————————————-
ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද
16-11-2017 06:37
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ආරම්භ වනවා. ඒ කොල්කටාහි ඊ්ඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාංගනයේදීයි.
දෙපිළ අතර මේ දක්වා පවත්වා ඇති මුළු ටෙස්ට් කි‍්‍රකට් තරග සංඛ්‍යාව 41ක්. ඒවායින් 19ක් ජයගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 7ක් පමණයි. තරග 15ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 218 දක්වා ඉහළට

Shiran Viraj

එක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……

Shiran Viraj

නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය නීතියේ ආධිපත්‍යයේ ජීවමාන සාක්ෂියක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයි

Shiran Viraj
Translate »