27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
Local NewsNews

අම්මා හැර ගිය පසු තාත්තා සමඟ තනිවූ පුංචි දුවට වෙච්ච දෙයක් නෑ- මහ රෑ දැරිය මොර දුන් බව අසල් වැසියෝ කියති

දුම්මලසුරිය පොලිස් වසමට අයත් වැලිපැන්න ඉලිප්පගමුව  ග්‍රාමයේ ජිවත් වූ  වයස අවුරුදු හයක දැරියක් ඊයේ  ( 22 )
රාත්‍රියේ සිට අතුරුදන්ව  ඇති බවට දුම්මලසුරිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ .
මෙලෙස අතුරුදන්ව ඇත්තේ ශේනෂා  සිතුලිලි  නැමති දැරියකි . මේ දැරියගේ මව පියා හැර ගොස් ඇති අතර  දැරිය පියා සමග ජිවත්ව ඇත .
22  රාත්‍රී  08.30 ට පමණ අසල්වැසියෙකු විසින් මේ දැරිය අවසන් වරට දැක ඇති අතර දැරිය රාත්‍රී 10.30 ට පමණ
තාත්තේ ,තාත්තේ කියා මොර දුන් බව අසල්වැසියනට ඇසි ඇත.
දැරියගේ පියා  ඒ අවස්ථාවේ මත්පැන් පානය කර සිට
ඇති බවට මේ වන විට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
පියාට සිය  දියණිය නිවසේ නොමැති බව  දෑන ගැනීමට ලැබී ඇත්තේ අද (23) පෙරවරු අටට පමණය.
ඒ අවස්ථාවේම ඔහු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දී තිබේ. ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් අංශය දුම්මලසුරිය පොලිසියට මේ බව දැනුම්  දී ඇති අතර දුම්මලසුරිය පොලිසිය දැරියගේ පියා පොලිස් භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කරන ලදී.
ඒ අනුව කුලියාපිටිය  විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පොලිස් සුනඛයන් ගෙන්වා පරීක්ෂණ සිදු කරන ලදී .
පොලිස් සුනඛයන් දැරියගේ ඇඳුමකට ඉව කර ප්‍රධාන මාර්ගය දක්වා ගොස් නතර වී ඇත. ඒ අනුව දැරිය වාහනයකින් පැහැර ගෙන යන්නට ඇතැයි පොලිසිය සැක පහල කරයි.
නිවස පිහිටි ගෙවත්තේ ඇති ළිඳද පොලිස් නිලධාරීන්ගේ පරික්ෂාවට ලක්විණි .
මේ දැරිය සිය පියාට දැඩි ආදරයකින් පසුව ඇති අතර පියා තමා යන ඕනෑම ස්ථානයකට දැරිය රැගෙන ගොස්  ඇත. ඒ අනුව අවසන් කාලයේ දැරිය
ළදරු පාසලට හෝ නොගොස් ඇති අතර දැරිය පියා සමග සිට ඇත .
දුම්මලසුරිය පොලිස් ස්ථානාධිපති ආර් .එම ජයවීර මහතාගේ උපදෙස් පරිදි දැරිය සෙවීම් සදහා පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ ආරම්භ කර තිබේ .
(under the courtesy of adaderana.lk news web)

Related posts

O/L විභාගය අවසන් වූ වහාම උසස් පෙල අරඹයි.. මෙවර අසමතුන් නෑ…

Shiran Viraj

තෙල් පෝලිමේ ජනතාව හා හමුදාව අතර උණුසුම් තත්වයක්…

Shiran Viraj

සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන ජනතාව බිය විය යුතු නැහැ

Shiran Viraj
Translate »