31.7 C
Colombo
2026-02-18
mediahumanrights.lk
NewsPolitical

UNPයට බායි කිව්වදාට මෛත්‍රීට හායි කියන බව නාමල් කියයි

ජනාධිපතිවරයා සමඟ එක්වන්නැයි මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කළ ද එක්සත් ජාතික පක්ෂය සමඟ එකම ආණ්ඩුවේ සිටින තෙක් එය කිසිසේත් ඉටු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පොළොන්නරුව කඳුරුවෙල ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
කෙදිනක හෝ එකසත් ජාතික පක්ෂය අතහැර එනතුරු කිසි ලෙසකින් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව මැතිවරණයට තරග නොකරන බව ද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී තරයේ කියා සිටියේය.
මේ අතර යහපාලන ආණ්ඩුව බලයට පත්ව මේ වන විට වසර 3 ක් ගතවී ඇතත් රටට කිසිවක් සිදු කර නොමැති බවත්, ජනතා ගැටළු විසඳීමට මහින්ද රාජපක්ෂ මහතාට වඩා හොඳ ප්‍රතිපත්ති ඇති බව පැවසුව ද එවැනි තත්ත්වයක් අද වන විට නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මුස්ලිම් ජනතාව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉවත් කිරීම සඳහා තාජුඩීන්ගේ ගැටළුව මෙරට සමාජය තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ බවත් පැවසු නාමල් රාජපක්ෂ මහතා, ඒ සියල්ල බොරු චෝදනා වන බව ද කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හමුදාවෙන් වධහිංසා කළ බවට වන ප්‍රකාශය අසත්‍යක්

Shiran Viraj

විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයති

Shiran Viraj

ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..

Shiran Viraj
Translate »