32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
International NewsNews

ලයනල් මෙසී මෙවර රන් පාවහන දිනා ගනියි

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා පිල වෙනුවෙන් ක්‍රීඩා කරන ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව ලයනල් මෙසී යුරෝපයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන ‘රන් පාවහන‘ සම්මානය මෙවරත් දිනාගෙන තිබේ. මෙසී විසින් මෙම සම්මානය දිනාගන්නා ලද සිවුවැනි අවස්ථාව මෙය වන අතර 2016-17 තරග වාරයේ ලා ලිගා පාපන්දු තරගාවලියේදී මෙසී ලබාගත් ගෝල 37 වෙනුවෙන් ඔහුට මෙම සම්මානය පිරිනමා ඇත.
මීට පෙර 2010, 2012 සහ 2013 වසරවලදීත් මෙසී විසින් යුරෝපයේ ‘රන් පාවහන’ සම්මානය දිනාගනු ලැබිණ. ලයනල් මෙසී මෙන්ම පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝද මෙම සම්මානය සිවු වතාවක් දිනාගෙන තිබේ.
2008, 2011, 2014 සහ 2016 යන වසර වලදී මෙම සම්මානය දිනාගන්නා ලද්සේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ විසිනි. එහෙත් මෙවර තරගාවලියේදී ඔහුගේ ගෝල සංඛ්‍යාව 25 ක් වූ හෙයින් හොඳම ක්‍රීඩකයන් පස් දෙනා අතරට එක්වීමට ඔහුට නොහැකි විය. පසුගිය වසරේදී යුරෝපයේ ‘රන් පාවහන’ සම්මානය දිනාගනු ලැබුවේ බාර්සිලෝනා පිලේදී මෙසීගේ සගයා වන ලුවිස් සුවාරිස් විසිනි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කබ්රාල් පොහොට්ටු සභාපති වගේ.. ජනාධිපතිත් අන්දලා..

Shiran Viraj

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

Shiran Viraj

මෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා.. ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි..- ජනපති..

Shiran Viraj
Translate »