28.3 C
Colombo
2026-08-12
mediahumanrights.lk
Local NewsNews

සිරුරෙන් මතු වුණු තවත් හෙරොයින් ගුලි (PHOTOS)

හෙරොයින් ජාවාරමට සැකපිට කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ (13) අත්අඩංගුවට ගැණුනු පාකිස්තාන ජාතිකයාගේ සිරුරේ තිබී තවත් හෙරොයින් ගුලි 29ක් අද (14) අළුයම සොයා ගෙන තිබෙනවා.
ඒ, සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව විරේක කිරීමෙන් පසුවයි.
සැකකරුගේ සිරුරේ තිබී පළමු විරේක අවස්ථාවේ හෙරොයින් ගුලි 51ක් සොයා ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
මේවායේ බර ග්‍රෑම් 490ක්. ඒ අනුව මේ වන විට සැකකරුගේ සිරුරේ තිබී හෙරොයින් ගුලි 80ක් සොයා ගෙන තිබෙනවා.
මෙම පාකිස්ථානු ජාතිකයා දිවයිනට පැමිණ තිබුණේ කටාර් රාජ්‍ය හරහායි.
කටුනායක ගුවන් තොටුපලේ දී යම් අපහසුතාවයකින් පෙළෙන බව දුටු සැකකරු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ශරීරය තුළ සඟවා සිටි බවට අනාවරණ වී තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසට මෙරට පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දුන් බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසුවේ
හෙරොයින් ජාවාරාමේ නිරත වූ පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්.
ඔහුගේ සිරුරේ තිබී හෙරොයින් අඩංගු ගුලි 42ක් සොයා ගෙන තිඛෙනවා.
සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස හෙරොයින් සොයාගෙන ඇත්තේ.
ඔහුගේ සිරුර අභ්‍යන්තරයේ තවත් හෙරොයින් ගුලි අඩංගුදැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි..

Shiran Viraj

පුංචි වෙනසකටත් එක්ක කෝල් එකක් ගත්තෙ"බස් පෙම්වතාගෙන් පෙම්සුව පතා ආ ඇයට අන්තිමේදි වෙච්ච දේ..

Shiran Viraj

මහින්ද රාජපක්‍ෂගේ අබිරහස් ස්ථානයකට නියෝජ්‍ය ඇමති පනී.. මුරකරුවන් ගේට්ටු වසති.. අබිරහස හෙලි නොවේ…

Shiran Viraj
Translate »