26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
NewsPolitical

"සම්බන්ධන්ට වඩා මම දෙමල ජනතාවට සේවය කළා" – ගෝඨාගෙන් ප්‍රකාශයක්

වත්මන් විපක්ෂ නායකයාට වඩා දෙමල ජනතාවට තමන් සේවය කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (26) අනුරාධපුරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපි දැක්කා අද විරුද්ධ පක්ෂයේ නායකතුමා කියලා තියෙනවා මේ එළිය සංවිධානය හරහා ජාතිවාදය අපි පතුරවනවා කියලා. එතුමා ගෞරවණිය පළපුරුදු දේශපාලඥයෙක් වුණත් එතුමාගේ දේශපාලන කාලය තුළම දමිල ජනතාවට කිසිදු සේවයක් කරන්නට පුළුවන්කමක් නොලැබුණේ මෙන්න මේ බෙදුම්වාදී, ජාතිවාදී, අදුරදර්ශී ක්‍රියාකලාපය නිසා. අපි නෙවෙයි ජාතිවාදී එතුමයි. එතුමාටත් වඩා දමිල ජනතාව වෙනුවෙන් මම කෙටි කාලයක් තුළදී සේවය කරලා තියෙනවා කියලා මට නොබියව ප්‍රකාශ කරන්න පුළුවන්.”
“මේ සංවිධානය තුළින් අපි බලාපොරොත්තුවන්නේ ත්‍රස්‌තවාදය තුළින් බෙදන්නට ලෑස්ති වුණු මේ රට ඒකීය රටක් වශයෙන් ඉදිරි පරපුරටත් සෑම ජනතාවකටමත් ආරක්ෂා කර ගැනීමටයි. කිසිසේත්ම මුස්ලිම් හෝ දමිල ජනතාවට ගෞරවණිය ලෙස මේ රටේජීවත්වන්නට තිබෙන අයිතිය ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ රටේ තියෙන සෑම තැනකටම සෑම පුද්ගලයෙකුටම එකම විදියට ජිවත් වෙන්න තියෙන අයිතිය රැකගැනීමට තමයි ඒකීය රටක් වශයෙන් මේ රට පවත්වාගෙන යන්නේ.” එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත්  අදහස් දැක්වීය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- Bloomberg ලෝකයම දැනුවත් කරයි…

Shiran Viraj

ගමනාගමන පහසුකම් නෑ! උතුරේ පාසල් 2018 සිට ආරම්භය උදේ 8.00ට

Shiran Viraj

සැගවී සිටින ප‍්‍රසන්න රණවීරගේ දේපල තහනම් කරන්න යයි

Shiran Viraj
Translate »