mediahumanrights.lk
International NewsNews

ලයනල් මෙසී මෙවර රන් පාවහන දිනා ගනියි

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා පිල වෙනුවෙන් ක්‍රීඩා කරන ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව ලයනල් මෙසී යුරෝපයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන ‘රන් පාවහන‘ සම්මානය මෙවරත් දිනාගෙන තිබේ. මෙසී විසින් මෙම සම්මානය දිනාගන්නා ලද සිවුවැනි අවස්ථාව මෙය වන අතර 2016-17 තරග වාරයේ ලා ලිගා පාපන්දු තරගාවලියේදී මෙසී ලබාගත් ගෝල 37 වෙනුවෙන් ඔහුට මෙම සම්මානය පිරිනමා ඇත.
මීට පෙර 2010, 2012 සහ 2013 වසරවලදීත් මෙසී විසින් යුරෝපයේ ‘රන් පාවහන’ සම්මානය දිනාගනු ලැබිණ. ලයනල් මෙසී මෙන්ම පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝද මෙම සම්මානය සිවු වතාවක් දිනාගෙන තිබේ.
2008, 2011, 2014 සහ 2016 යන වසර වලදී මෙම සම්මානය දිනාගන්නා ලද්සේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ විසිනි. එහෙත් මෙවර තරගාවලියේදී ඔහුගේ ගෝල සංඛ්‍යාව 25 ක් වූ හෙයින් හොඳම ක්‍රීඩකයන් පස් දෙනා අතරට එක්වීමට ඔහුට නොහැකි විය. පසුගිය වසරේදී යුරෝපයේ ‘රන් පාවහන’ සම්මානය දිනාගනු ලැබුවේ බාර්සිලෝනා පිලේදී මෙසීගේ සගයා වන ලුවිස් සුවාරිස් විසිනි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සල්ලි ගහන මැෂින් ගමක් ගානේ බෙදුවනම් හරි.. මොල හතයි කිවුවට මොල බාගයක්වත් නෑ…

Shiran Viraj

සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..

Shiran Viraj

අයවැයේ ආදායම් උපයන්නේ ගෙන්වන වාහනවලට බදු ගහලා…- මුදල් අමාත්‍යංශ ලේකම්

Shiran Viraj
Translate »