mediahumanrights.lk
Local News News

මාදැල ආයිත් අදින්න මහින්ද අවසර දෙයි

මාදැල් ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නියාමන කමිටුවක් පත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
මාදැල් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් සමඟ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නීති විරෝධී ක්‍රම උපයෝගී කරගනිමින් මාදැල් ධීවර කර්මාන්තයේ යෙදීම හේතුවෙන් ඒ සඳහා ලබාදෙන බලපත්‍රය තාවකාලිකව නතරකිරීමට කටයුතු කරනු ලැබුවා.
ට්‍රැක්ර් රථ යොදාගනිමින් මැදැල් ඇදීම හේතුවෙන් වෙරළට සිදුවන හානිය සැළකිල්ලට ගෙන ධීවර අමාත්‍යංශය විසින් බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර තිබුණි.
කෙසේවෙතත් ධීවර අමාත්‍යංශයේ උපදෙස් වලට අනුව කටයුතු කරන ලෙස උපදෙස් ලබාදෙමින් මාදැල් ධීවරයින් සඳහා යළි බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ සඳහා සොයාබැලීමට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කමිටුවක් පත් කර ඇති අතර දෙසැම්බර් පළමු වෙනිදාට පෙර එම කමිටුව විසින් අමාත්‍ය වරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිත ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විශ්‍රාමික හැඳුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍රය අවභාවිතා කළොත් දැඩි ක්‍රියාමාර්ග

Shiran Viraj

උතුරේ ආරක්ෂක අංශ මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි සිවාජිලිංගම්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj

අටුළුගම දැරිය ඝාතනය කල ඝාතකයාගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj