28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsPolitical

පුංචි ඡන්දයට එක්වන්න මහින්දට අගමැති හෝ විපක්ෂ නායක පුටුව ලැබෙයිද? ශ්‍රීලනිපය කියන කතාව

පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නේදැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය තවදුරටත් විවිධ අදහස් පළ කරනවා.  එක්ව තරග කිරීමට නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවටයි ඒකාබද්ධ විපක්ෂය යෝජනා කර ඇත්තේ.
අග‍්‍රාමාත්‍ය ධුරය හෝ විපක්ෂනායක ධුරය ද මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය යෝජනා කර තිබෙනවා. මෙම වෙනස්කම් සිදු කිරීමේදී එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව ගියහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සිය සහය ලබාදීමටද සූදානම් බවයි ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රකාශ කර ඇත්තේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇතැයි කියන මෙම යෝජනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසා සිටියා. ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීයි. අමාත්‍ය මහින්ද අමරවීර ඊට ප‍්‍රතිචාර දක්වමින් පැවසුවේ එය මාධ්‍යට වූ වැරදීමක් විය හැකි බවය. එසේ නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය පිරිසක් එලෙස යෝජනා කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවය.
මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සම`ග ඉදිරි සාකච්ඡුා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. එහි සාමාජිකයින් වන්නේ මහින්ද යාපා අබේවර්ධන, සී බී රත්නායක සහ පවිත‍්‍රා වන්නිආරච්චි යන මන්ත‍්‍රීවරුන්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි

Shiran Viraj

වාහන නවතා මැතිවරණ ස්ටිකර් පෝස්ටර් ගලවයි…

Shiran Viraj

ධීවරයන්ට මසුන් සිටින තැන් සොයා දෙන නව ජංගම දුරකථන යෙදුමක් පිළිබඳව මතභේදයක්

Shiran Viraj
Translate »