mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

‘දේදුණු ආකාසේ’ ආදායම් වාර්තා තබයි

”මගේ උත්සාහය සාර්ථකයි”
ඊළඟ චිත්‍රපටයටත් මේ පිරිසම තමයි
‘දේදුණු ආකාසේ’ මේ වනවිට ඉතා සාර්ථක ලෙස ඊ. ඒ. පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවල තිරගත කෙරේ. චිත්‍රපටය ස්‌වර්ණවාහිනී නිෂ්පාදනයකි. ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටය ගැන අධ්‍යක්‌ෂ ප්‍රියන්ත කොළඹගේ පුවත්පතකට ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. ඒ මෙන්න මේ විදිහට.
‘දේදුණු ආකාසේ’ ප්‍රදර්ශනය සාර්ථක ද?
අති සාර්ථකයි. දින විසිතුනක දී ලක්‌ෂ 500 ක ආදායමක්‌ ලැබුවා. එය මෑත කාලයේ තැබූ වාර්තාවක්‌. ඇත්තටම චිත්‍රපටය ගැන සතුටක්‌ දැනෙනවා. ඉන්දියානු අධ්‍යක්‌ෂවරුන් කරන චිත්‍රපට සමගයි අපට තරග කරන්න ලැබුණේ. ‘දේදුණු ආකාසේ’ සම්පූර්ණයෙන්ම සිංහල චිත්‍රපටයක්‌. එවන් චිත්‍රපටයකට ප්‍රේක්‌ෂකයන් සිටීම හොඳ දෙයක්‌.
චිත්‍රපටයට ප්‍රධාන කාන්තා චරිත ලෙස එක්‌වන්නේ නවක නිළියන් දෙපළක්‌. ඔවුන්ගේ රංගනය ගැන?
මම තෘප්තිමත්. මගේ උත්සාහය සාර්ථකයි. සිංහල සිනමා කර්මාන්තය රැඳී තිබෙන්නේ ප්‍රේක්‌ෂකයා මතයි. ප්‍රේක්‌ෂකයා චිත්‍රපට නොබලනවා නම් කර්මාන්තයකුත් නෑ. කලාවකුත් නෑ. මම සතුටු වෙනවා සිනමා කර්මාන්තයට යමක්‌ කළා කියලා. ප්‍රේක්‌ෂකයා අලුත් මුහුණු, නැවුම් රංගනයන් අපේක්‌ෂා කරනවා. ඔවුන් දෙදෙනාට දැන් අභියෝගයක්‌ තියෙනවා. ඒ අයගේ ඉදිරි ගමන දැන් ඔවුන් තීරණය කළ යුතුයි. මා කළේ හඳුන්වාදීම් පමණයි. ඒ ගැන සතුටුයි.
හේමාල් රණශිල්පීන්ම තමයි ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටයටත් සම්බන්ධ කර ගත්තේ. මේක ප්‍රියත්ත කොළඹගේගේ තනි නිර්මාණයක්‌ නොවේ. සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක්‌. මේ අය මට යෝධ ශක්‌තියක්‌ වුණා. ඊළඟ චිත්‍රපටයටත් මේ පිරිසම තමයි.
ඔබ ඊළඟ නිර්මාණයට සූදානම්
ඔව්. මේ වසර අවසානයේ හෝ ඊළඟ වසර මුලදී මීළඟ චිත්‍රපටයේ වැඩ අරඹන්න සූදානම් බොහෝ විට ‘ආදරණීය කතාවක්‌’ නිෂ්පාදක චමින්ද ගමගේ අලුත් චිත්‍රපටයේත් නිෂ්පාදන කටයුත්ත භාර ගනීවි.
සිංහ ප්‍රමුඛ අනෙක්‌ ශිල්පීන්
මම ‘ආදරණිය කතාවක්‌’ කළේ ‘අරුමෝසම් වැහි’ කරලා අවුරුදු දහතුනකට පසුවයි. ‘ ආදරණීය කතාවක්‌’ චිත්‍රපටයට සම්බන්ධ කරගත්

(under the courtesy of adaderana.lk news web)

Related posts

ගමනාගමන පහසුකම් නෑ! උතුරේ පාසල් 2018 සිට ආරම්භය උදේ 8.00ට

Shiran Viraj

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Shiran Viraj

රුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයි

Shiran Viraj
Translate »