29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

අයිතිය ඉල්ලගෙන ගුවන්තොටුපලට අලි එයි

තම සුපුරුදු වාසස්ථාන සොයා පැමිණි වන අලින් කීපදෙනෙකු පසුගිය දින කීපය පුරාවට මත්තල ගුවන්තොටුපොළ වටා ඇති ආරක්‍ෂිත වැට කඩ දමා ගුවන් තොටුපොල පරිශ්‍රයට ඇතුළු වී තිබේ .
වන අලියා ඇතුළුවීම සඳහා ගුවන්තොටුපොළ වටා ඇති වැට කඩා තිබේ.
ගුවන්තොටුපොල භූමියට ඇතුළු වූ වන අලියා පලවා  හැරීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් පසුගිය දින කීපය පුරාවටම මෙහෙයුම් දියත් කර තිබේ .
හම්බන්තොට සිදු කරනු ලබන  සංවර්ධන කටයුතු හමුවේ වන අලින්ගේ වාසස්ථාන අහිමි වෙමින් පවතින අතර වන අලින් හට වෙන් කර ඇති යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයද මේ වනවිට විවිධ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ,ජාවාරම් කරුවන්ගේ හා වන ගාතකයින්ගේ ගොදුරක් වීම තුල මෙම ගැටළු මතුවී ඇති බව වනජීවී නිලධාරින් පෙන්වා දෙයි.
මේ අතර යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කර හම්බන්තොට අක‍්‍රමවත් සංවර්ධනය හේතුවෙන් අවතැන් වී ඇති අලි – ඇතුන් ගේ හා ඒ අවට ජනතාවගේ රැකවරණය තහවුරු කිරීමට හම්බන්තොට ස්වාභාවික සම්පත්, වනාන්තර හා අලි – ඇතුන්ගේ ගැවසුම් ප‍්‍රදේශ හුදකලා කිරීමට හා ඛණ්ඩනය කිරීමට හේතුවන අහිතකර සංවර්ධන සැලසුම් සකස් කිරීම නතර කළ යුතු බව පරිසර වේදී සජීව චාමිකර ප්‍රකාශ කරයි

(under the courtesy of adaderana.lk news web)

Related posts

නොරොච්චෝල ලොකු දෝෂයක්.. විදුලි ජනනය අඩපනයි.. හැදුවත් දිගටම ලෙඩ දෙයිලු..

Shiran Viraj

තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…

Shiran Viraj

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

Shiran Viraj
Translate »