mediahumanrights.lk
NewsSportsSports News

තරඟය ජය පරාජයෙන් තොරව අවසන්

අයර්ලන්ත ඒ කණ්ඩායම සහ බංගලාදේශ ඒ කණ්ඩායම අතර පැවති එක්දින ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.
තරඟය බංගලාදේශයේ කොක්ස් බසාර් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
තරඟයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
නියමිත පන්දු වාර 50 අවසානයේ ඔවුන් ලකුණු 229ක් රැස් කර තිබේ.
සීන් ටෙරී ලකුණු 65යි.
බෙරී මැකාති ලකුණු 39යි.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම පන්දු 14කදී කඩුලු 03ක් දැවී ලකුණු 75ක් ලබා සිටියදී පිටියට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරඟය නවතා දැමීමට තරඟ තීරකයින් තීරණය කළේය.
සකීර් හසන් නොදැවී  ලකුණු 35ක් ලබා සිටියි.
පන්දු යැවීමේදී අයර්ලන්ත ඒ කණ්ඩායම වෙනුවෙන් බෙරී මැකාති කඩුලු 02ක් දවාගත්තේය.
(under the courtesy of adaderana news web)

Related posts

බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ලංකාවෙන් 8ක්

Shiran Viraj

රුව හා ශරීර සෞඛ්‍ය රැකදෙන කෝමාරිකා

Shiran Viraj

සජිත් විපක්‍ෂ නායක ලෙස යලි පත්වෙයි..

Shiran Viraj
Translate »