mediahumanrights.lk
NewsSportsSports News

"මැච් එක දින්නේ මම නිසයි, චන්දි පුතා මගේ ලගට එවපු දයාසිරි ඇමතිතුමාට ස්තුතියි" බුකිය රත් කරමින් සාස්තර කාන්තාවක් ජයග්‍රහනයට හිමිකම් කියපු හැටි..

දෛවඥවරියක් යැයි කියාගන්නා කාන්තාවක් ඊයේ දින සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
පාකිස්තානය පරදා පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගත් පසු සිය ෆේබුක් ගිණුමට සටහනක් තබන මෙම කාන්තාව පවසන්නේ
“දිනේෂ් චන්දිමාල් පුතා පකිස්තාන සංචාරයට යන්න පළමුව පැමිණ මාගෙන් ආශිර්වාද ගත් මොහොත බොහොම අසීරැ අඩියට වැටී තිබුණ අපේ කණ්ඩායම ට නායකත්වය බාරදුන් මොහොතේ පැමිණ මාගෙන් ආශිර්වාද ගෙන නික්මුණේ.අදින් පසු ලාංකේය ක්රිකට් ක්රීඩාවට ස්වර්ණමය යුගය මම උදාකර දෙන්නෙමි. මාගේ විශේෂ ස්තූතිය දයාසිරි ජයසේකර ඇමතිතුමාටත් ඈශ්ලි ද සිල්වා මැතිතුමාටත් පිරිනමමි. මොකද මේ දරැවො මගෙ ළඟට යොමු කිරීමට පෙළඹවූ නිසා.” යනුවෙනි.
මේ සමගම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ද එම කාන්තාව සමග සිටින ඡායාරූපයක්ද ඇය විසින් පළ කර තිබුනා.
ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් මෙම කාන්තාව වෙත යොමු කරවීම පිළිබදව ඇය ස්තූති කර තිබුනේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වාටයි.
ඇයගේ එම ප්‍රකාශය සමාජජාලා වෙබ් අඩවි වල ක්‍රිකට් රසිකයන් අතර දැඩි හාස්‍යයට ලක් වී තිබුනු අතර ඇතැම් ක්‍රිකට් රසිකයන් ප්‍රශ්න කර තිබුනේ ‘9-0ක් ලෙස අන්ත පරාජයට ලක් වූ පසුගිය ඉන්දීය තරගාවලියේ අදාළ සාස්තරකාර කාන්තාව සිටියේ කොහේද’ යන ලෙසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සෑම තරගාවලියකටම පෙර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලී ද සිල්වා මෙලෙස ක්‍රීඩකයන් හා නායකයන් මෙම කාන්තාව වෙත යොමු කරනවා දැයි තවමත් හෙළිව නැහැ.
අදාළ කාන්තාව විසින් ෆේස්බුක් වෙබ් අඩවියේ තැබු සටහන පහතින්
(under the courtesy of nethfm news web)

Related posts

නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි!

Shiran Viraj

බන්දුල පද්ම කුමාර අභාවප‍්‍රාප්ත වේ…

Shiran Viraj

ඇමරිකාව තව දුරටත් ලංකාවට විවෘත නෑ.. දැන් වහාම ETCA අත්සන් කරන්නැයි කියයි…

Shiran Viraj
Translate »