28.4 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

විදේශ රැකියා අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගෙන ප්‍රසිද්ධ සමාගමකින් කිරිපිටි වංචා කරයි

විදේශ රැකියා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ප‍්‍රසිද්ධ කිරිපිටි සමාගමකින් රුපියල් 13,77,750 ක් වටිනා කිරිපිටි පැකට් 3500 ක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳ එම අමාත්‍යංශය අභ්‍යන්තර පරික්ෂණයක් අරඹා ඇතැයි වාර්තා වෙයි.
විදේශ රැකියා අමාත්‍යංශයේ අවශ්‍යතාවයක් උදෙසා කිලෝ ග්‍රෑම් එකේ කිරිපිටි පැකට් 1000 ක් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට් 2500 ක් ලබා දෙන ලෙස දන්වමින් එහි අතිරේක ලේකම්වරයකු හා විධායක නිලධාරියකු ලෙස පෙනී සිටින දෙදෙනෙකු අස්සන් කරමින් ඉකුත් 21වැනිදා ඊමේල් පණිවිඩයක් යවා ඇත.
අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් අදාල නිලධාරින්ගේ නිල මුද්‍රා පවා යොදා ගෙන මෙකී ඉල්ලීම ඊමේල් කර ඇති අතර එහි සඳහන් දුරකථන අංකයන්ට කථාකර කිරිපිටි සමාගමේ නිලධාරින් බඩු එවිය යුතු ස්ථානය විමසා ඇත. ඒ අනුව කඩවත අධිවේගී මාර්ගය ආසන්න ස්ථානයක් පවසා එහි ගෙන එන මෙන්ද එතැනදී ලොරියකින් ඒවා භාරගන්නා බවද මෙම පුද්ගලයින් පවසා ඇත.
ඔවුන් පැවැසූ ස්ථානයට ප‍්‍රවාහනය කළ කිරිපිටි වෙනත් ලොරියකින් භාර ගෙන තිබේ. එම භාණ්ඩ සඳහා වන ගෙවීම්වලට අදාලව ඇනවුම් විස්තර අමාත්‍යංශයට ඊයේ (24) ගෙන ආ අවස්ථාවේ එවැනි නමක් ඇති නිලධාරින් දෙදෙනෙක් අමාත්‍යංශයේ නොමැති බව හෙළි වීමත් සමඟ සොයා බැලීමේ දී මෙය මහා පරිමාණ වංචාවක් බව හෙළි වී තිබේ.
ඊමේල් පණීවිඩය යවා ඇත්තේ විදේශ රැකියා අමාත්‍යංශයේ ප‍්‍රසම්පාදන අංශයේ අතිරේක ලේකම් තනතුරින් වන නමුත් අමාත්‍යංශයේ එවැනි අංශයක් නැතැයි ද එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මියගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කරන බව ද වාර්තා වේ.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

පළමු තරගයේදීම නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය කඩා වැටේ

Shiran Viraj

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

Shiran Viraj

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අරඹයි

Shiran Viraj
Translate »