27.2 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

යළි ලබාගත නොහැකි අයුරින් බලයක් උතුරු මහඇමති ඉල්ලයි

කිසිවෙකුට යළි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යානුකූල බලයක් ලැබෙන්නේනම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසනවා.
තමන්ට අවශ්‍ය වී ඇත්තේ බලය බෙදීමක් බවයි ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියා.
එය ඒකීය පාලනයක් වූවත් ෆෙඩරල් පාලනයක් වූවත් තමන්ට ගැටළුවක් නොවන බවයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා පැවසුවා.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සභාපතිත්වය දරන දෙමළ ජනතා සංසදයේ විද්වත් හමුවක් යාපනය වීරසිංහම් ශාලාවේදී රැස්වූණා.
එහිදී ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.
‘අපිට ඕන බලය බෙදීමක් ඒක ඒකීය පාලනයක් තුල ආවත් කමක් නැහැ ෆෙඩරල් පාලනය තුල ආවත් කමක් නැහැ කියලා ඇත්ම් පිරිස් කියනවා ඒ වගේම අපි මෙතනින් වෙන්වෙලා යන්න යනවා කියලා ඇතමුන් අතර බියක් ඇති වෙලා ඒ ගැන කව්රුත් බියක් ඇති කරගත යුතු නැහැ. ඕන නම් අපිට ඉන්දියාව , බ්‍රිතාන්‍ය හෝ වෙන ඕන රටක් හරහා හරි එහෙම වෙන් නොවන බවට සහතික වෙන සම්මුතියකට එලඹෙන්න පුලුවන් මෙතනදී අපි කියන්න ඕන එකීය පාලනයක් තුල කොතරම් බලය බෙදීමක් සිදු වුනත් ඒක ස්ථීර නැහැ නීත්‍යානුකූල නැහැ ඒ දුන්නු බලය දීපු අයම නැවත ලබාගනීවි කියන තත්වයකට කවදහරි පත්වෙයි කියල අපි අමතක කරන්න හොඳනැහැ බහුතර අය අපිව පාලනය කරන විදිහට බලයක් සහිතව නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නෙ නැහැ ඒ නිසා අපිට කිසිවෙකුට යලි ලබාගන්න බැරි වෙන අයුරින් බලය නීත්‍යානුකූලව ලැබිය යුතුයි එහෙම වුනොත් විතරයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා නිදහසේ මේ රට තුල ජීවත් වීමට අවස්ථාව උදා වෙන්නේ යනුවෙනි.
මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් , පලාත් සභා කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂිධරන් , ඇතුලු විදවත් පිරිසක් සහභාගී වී සිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

ජලය හිගයි.. විදුලිය ඉන්ධනවලින්.. වියදම පාරිභෝගිකයන්ගෙන්…

Shiran Viraj

සිරියානු ඩ්‍රෝන යානයක් අමෙරිකාව බිම හෙළයි

Shiran Viraj

Smart speaker sales will eventually hit a wall – report

Shiran Viraj
Translate »