mediahumanrights.lk
Entertainment Entertainment News News

ගයාන් ආයෙත් එන්න කියන්නේ කාටද?

“ආයෙමත් එනවදෝ ඔයා” මියුසික් වීඩියෝවත් එක්ක ගයාන් මේ දවස්වල රසිකයෝ අතර පෙරළි කරන්න අරගෙන නේ?
මම මීට පෙර ආදරේ ගින්දරක්, නිසල සඳ ඔබ වගේ ටෙලි නාට්‍ය කිහිපයකට ගීත කළා. “ආයෙමත් එනවදෝ ඔයා” එක්ක තමයි මේ දවස්වල මගේ රසිකයන් අතරට ආවේ.
“ආයෙමත් එනවදෝ ඔයා” ගීතය පෞද්ගලික අත්දැකීමක්ද?
මේක, ගීතයේ පද රචනාව කළ ඩිලාන් දේවින්දගේත්, සංගීත නිර්මාණය කළ අශාන් ප්‍රනාන්දුගේත් ගායනා කරන මගෙත් පෞද්ගලික අත්දැකීමක් කීවොත් නිවැරැදියි. මොකද අපි හැමෝම ආදරය කරන, ආදරේ ලබන අය. ආදරේ කරද්දී ආදරේ ලබද්දී අපි හැමෝටම විරහව පොදු දෙයක්. ඒක මට ඔබට අපි කාටත් පොදුයි. “ආයේ එනවදෝ ඔයා” ගීතය ආදරේ කරන අපි හැමෝගෙම පොදු අත්දැකීමක් වෙන්න පුළුවන්.
රූප රචනයට ගයාන්ටම පෙනී ඉන්න ඕනේ වුණාද?
ඩිලාන් දේවින්ද තමයි මේ වැඩේ පුරාවටම මගේ හයියට හිටියේ. අපි එකතුවෙලා, සාකච්ඡා කරලා තමයි මේ නිර්මාණය කළේ. ඩිලාන්ගේ තීරණය වුණේ මියුසික් වීඩියෝ එකේ මමම රඟපාන්න ඕන කියලා. ඒ විතරක් නෙවෙයි, ඇත්තටම මගෙත් ආසාවක් තිබුණා ඒකට.
කාවින්ද්‍යා එක්ක මේ දවස්වල අමනාපයක් තියෙනවාද?
ඇත්තෙන්ම නැහැ. අපි හොඳ යාළුවෝ. එයා මම ගැන ගොඩක් දේවල් දන්නවා. මමත් එහෙමයි. කාවින්ද්‍යායි මමයි එකිනෙකාට හරිම හිතවත්. අපි අතර අමනාපයක් නැහැ. අපි හොඳ මිතුරන් විදියට ඉන්නවා.
මිත්‍රත්වයට එහා ගිය ආදරයක් ඔය දෙන්න අතර තිබ්බා නේද?
ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්. මම දැන් සින්ගල්. දැන් ආදරයක් ගැන හිතන්නේ නැහැ.
අද මියුසික් වීඩියෝවල බොහෝ දුරට ලිංගිකත්වය මාකට් කරනවා වැඩියි. ගයාන්ට එහෙම වුවමනා වුණේ නැද්ද?
කාන්තාවකගේ සිරුර විකුණලා ජනප්‍රිය වෙන්න මට වුවමනාවක් නැහැ. මගේ හැකියාවෙන් ජනප්‍රිය වෙන්නයි මට ඕන.
ඒ කියන්නේ මඪඥඹඵ වැඩි කර ගැනීමේ වුවමනාවක් ගයාන්ට නැද්ද?
දැනටමත් සෙක්ස් වීඩියෝ සම්බන්ධයෙන් යම් රැල්ලක් ඇතිවෙලා තියෙනවා. ඒත් අලුත් පරපුරට වැරැදි ආදර්ශයක් දෙන්න බැහැ. අපි නිවැරැදි දේ කරන්න ඕන. මේක හිට් නොවුණත් ලයික්, මඪඥඹඵ අඩු වුණත් සමාජයට අයහපතක් වෙන, තරුණ පරපුරේ චින්තනය විනාශ වෙන දෙයක් කරලා ජනප්‍රිය වෙන්න ඕන නැහැ. මගේ තාත්තා එහෙම කළෙත් නැහැ. මම එහෙම කරන්නෙත් නැහැ. ලයික්, කමෙන්ට් මඪඥඹඵවලට ලෝභකමක් මට නැහැ. ඊළඟ පරම්පරාවට ආදර්ශයක් ගන්න පුළුවන් විදියට නිර්මාණ කරන්නයි මම කැමැති.
මියුසික් වීඩියෝවලටත් කාලෙන් කාලෙට රැලි එනවනේ. මේ මියුසික් වීඩියෝව රැලි හදන මියුසික් වීඩියෝවක් වෙයිද?
ඇත්තටම මේ ගීතයේ රූප රචනයට ස්ටෝරි බෝඩ් එකක් නැහැ. ඒ කියන්නේ මේක ඇතුලේ කතන්දර, චිත්‍රපට නැහැ. මේක ඇතුලේ තියෙන්නේ කලාවක් විතරයි මේ වීඩියෝව 4 ථඥඤඪච ඡ්දබඥපබචඪදථඥදබ ප්‍රඩක්ෂන් එකක්. මේකත් තවත් රැල්ලක් වෙයිද කියන්න දන්නේ නෑ.
නිර්මාණය ගැන තාත්තා සතුටුද?
මගේ නිර්මාණ වෙනුවෙන් ඉන්න ලොකුම රසිකයා එයා. මම තමයි එයාගේ නිර්මාණවල ඉන්න ලොකුම රසිකයා. මගේ වැඩ ගැන අම්මාටයි තාත්තටයි දෙන්නටම සතුටුයි. මගේ නිර්මාණ දැකලා තාත්තාගේ ඇහැට කඳුළක් ඉනුවා. එයා කැමැතියි මම දියුණු වෙනවා දකින්න.
ගයාන්ගේ අලුත් වැඩේ රසිකයන් දිනාගෙනද?
යු ටියුබ් එකෙන් ගීතය දැන් නරඹන්න පුළුවන්. ටීවී 1 නාළිකාවෙන් ගීතය රිලීස් කළා. ඇත්තෙන්ම දැනටමත් ගීතය අහපු, වි¼දපු අයගෙන් ලැබෙන ප්‍රතිචාර හුඟාක් හොඳයි.
කලා ක්ෂේත්‍රයේ මේ දිනවල ඔබ විවිධ ඉසව් නියෝජනය කරනවා. ඒ ගැන කතා කළොත්?
ඔව්. මේ දවස්වල මම ගායකයෙක් විදියට විතරක් නෙවෙයි, නිවේදකයෙක්, නළුවෙක් විදියටත් කටයුතු කරනවා. ටීවි 1 නාළිකාවේ විකාශය වීමට නියමිත “හිතුවක්කාරයා” ටෙලි නාට්‍යයටත් මම දායක වුණා. මේ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ චතුරිකා පීරිස් එක්ක. ඒ වගේම ටීවී 1 නාළිකාවේ නිවේදකයකු ලෙසත් කටයුතු කරනවා.
දැන් ගායකයෝ, රඟපාන එක, නිවේදකයන් වෙන එකත් රැල්ලක් වෙලානේ. ගයානුත් ඒ රැල්ලට අහුවුණාද? නැත්නම් අධ්‍යයනයක් එක්ක මේ ගමන යනවද?
රැල්ලට ගියාම නොවෙයි. මට ඕඩියෝ ඉන්ජිනියරින් උපාධියක් තියෙනවා. නමුත් මම රංගනය හෝ නිවේදනය සම්බන්ධයෙන් කිසිදු හැදෑරීමක් කරලා නැහැ. ඉදිරියේදී රංගනය වගේම නිවේදනය ගැනත් යම් හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ඔබ නළුවෙක්, නිවේදකයෙක් විදියට ඉදිරියට යද්දී ගයාන් ගුණවර්ධන කියන ගායකයා නැතිවෙයිද?
මම නළුවෙක්, නිවේදකයෙක් විදියට කටයුතු කළත් මම වැඩිපුරම කැමැති ගායකයෙක් විදියට ඉදිරියට යන්න.
ගයාන්ව මුලින්ම හඳුනා ගත්තේ නුවන් ගුණවර්ධනගේ පුතා හැටියටනේ. දැන් ගයාන් තමන්ගේම අනන්‍යතාවක් හදාගෙනද ඉන්නේ?
නදීමාල්, සනුක, කාවින්ද්‍යා, සජිත අපි හැමෝම ආවේ පිය උරුමයක් එක්ක. ඇත්තටම ඒ ලැබුණු ආදරය, තාත්තාගෙන් ලැබුණු හයිය අමතක කරන්න බැහැ. ඒ උරුමයට මම කැමැතියි. ඒක වටිනාකමක්.
ඒත් මම වැඩ කරන්නේ නුවන් ගුණවර්ධනගේ පුතා කියන ලේබලේ යටතේ නෙවෙයි. ඒක මට ආශීර්වාදයක් වුණාට මම තනියම නැඟිටින්න කැමැති කෙනෙක්.
ගයාන් දැන් තමන්ගේ අනන්‍යතාවයක් හදාගෙන ඉවරයි කියලා හිතනවාද?
නුවන් ගුණවර්ධනගේ පුතා නිසාම නෙවෙයි ජනතාව මට ආදරේ කරන්නේ. දැන් ගොඩක් අය මට කියන්නේ ගයියා කියලා. එයාලා හඳුනාගත්ත, ඒ ගොල්ලෝ ආදරේ කරන “ගයියා” දැන් ගොඩක් අය අතරේ ඉන්නවා. ඒක දැන් මගේ ස්ටේජ් නේම් එක වෙලා.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමය

Shiran Viraj

ජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි යෝජනාවක්..- කතානායක

Shiran Viraj

යුක්රේන සංචාරකයින් නිසා පොළොන්නරුවේ – සීගිරියේ සංචාරක ස්ථාන වැසෙයි

Shiran Viraj