30.6 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

නීති විරෝධීව පස් කපා ප්‍රවාහනය කළ 8ක් දැලේ

රුවන්වැල්ල, ගෝණගල්දෙණිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පස් කපමින් ප්‍රවාහනය කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පූගොඩ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එහිදී ටිපර් රථ 07ක් සහ ස්කැටේවර් යන්ත්‍රයක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරිඇල්ල, කිරිදිවල, වහරක, රුවන්වැල්ල, මීරිගම, අත්තනගල්ල, වේගයන්ගොඩ සහ එල්ලක්කවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් අද(19) රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රුවන්වැල්ල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

සහරාන්ගේ සොහොයුරු රිල්වාන් ගැනත් ජනපති කොමිසමේදී තොරතුරු රැසක් එළියට

Shiran Viraj

අද පැය 12ක ජල කප්පාදුවක්

Shiran Viraj

ට්‍රම්ප් ජය ගනී

Shiran Viraj
Translate »