2026-07-07
mediahumanrights.lk
Local NewsNews

කර්නල් මංජුලට අධ්‍යාපනයේ මුල් පුටුවක්

අධ්‍යාපන අමත්‍යාංශය යටතේ පවතින අධ්‍යක්ෂ ශාරීරික අධ්‍යාපන හා පුහුණු තනතුර සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් කොන්ත්‍රාත් පදනම මත වසර තුනක කාලයක් සඳහා නිත්‍ය මාසික දීමනාවක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා.
මෙම තනතුරට අදාළ බඳවා ගැනීම් පටිපාටිය, ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන්  සභාවේ සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව සිදුකෙරෙනවා.
බඳවා ගැනීමේ පරිපාටියේ අනුමත කර තිබෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට අදාළව ලකුණු පරිපාටිය සහ ප්‍රසිද්ධ දැන්වීම් රාජ්‍ය සේවා  කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව මඟින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව 2017.07.21 දින ප්‍රසිද්ධ දැන්වීම් පළ කර අයදුම්පත් කැඳවා ඇති අතර 2017.08.28 දින අදාළ සම්මුක පරීක්ෂණ පවත්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් සුදුසුකම් සම්පූර්ණ කර තිබූ කර්නල් එච්.ජී.පී.මංජුල  කාරියවසම් පසුගිය 06 වන දින සිට 2020 වසර දක්වා කොන්ත්‍රාත් පදනම මත මෙම තනතුරට පත්කිරීම අනුමත කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

Shiran Viraj

මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..

Shiran Viraj

වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

Shiran Viraj
Translate »