30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

ආණ්ඩුවේ තීරණ ගැන සැකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන දේ

සයිටම් ගැටලුවට අවසන් විසදුමක් ලැබෙනතුරු ආණ්ඩුව විටින් විට ගන්නා තීරණ පිළිබද විශ්වාසය තැබිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ බව කියාසිටියේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධි සදහා සිසුන් බදවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය පිළිබද නෙත් නිවුස් කළ විමසීමකදීයි.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සමග පත් කෙරෙණු කමිටුවෙන් නිවේදනයක් නිකුත්කරලා තියෙනවා සයිටම් ආයතනයට සිසුන් ඇතුළත් කරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවට. නමුත් අපි දන්නා විදියට සයිටම් ආයතනයට යම්කිසි කළා සීමාවකින් පසු අවුරුද්දක් විතර යනකම් සිසුන් බඳවා ගන්නේ නෑ. මේ සම්බන්ධයෙන් අලුතෙන් සිසුන් බඳවා ගන්න යනවද, නැත්නම් බඳවා ගැනීම අත්හිටුවීමක් කෙරුවද කියලා අපි සොයාබලමින් ඉන්නේ. කොහොම වුනත් අපි කලින් ඉදන්ම කියලා තිබ්බේ මේ බඳවා ගන්න සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් ලැබෙන්නේ නැති බවයි.
සයිටම් ගැටළුව විසදීමට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති කමිටුව පිළිබඳ විශ්වාසයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

(under the courtesy of nethfm news web)

Related posts

බොරුවලට රැවටෙන්න එපා.. පැමිණ එන්නත ලබා ගන්න…

Shiran Viraj

දරුවකුගේ දතක් කැඩුණොත් ? ඔබ කළයුතු දේ

Shiran Viraj

බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

Shiran Viraj
Translate »