31.7 C
Colombo
2026-07-06
mediahumanrights.lk
NewsPolitical

මිනිස් ජාවාරමේ අවදානම් කලාපයෙන් අපි මිදුනා -තලතා

පසුගිය වසර කිහිපය තුළ තැනැත්තන් වෙ‍ෙළදාම  සම්බන්ධයෙන් අවදානම් කලාපයේ සිටි අපේ රට අද වන විට දෙවන පියවර දක්වා උසස් තත්ත්වයකට පත් කර  තිබීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රි ලංකාව ලැබු ජයග්‍රහණයක්. එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කැපවී කටයුතු කළ යුතුයැයි ඇමතිනී තලතා අතුකෝරල පැවැසීය.
අධිකරණ හා විදේශ රැකියා කටයුතු ඇමතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ තැනැත්තන් වෙළදාම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය නිල වශයෙන් දියත් කිරිම සදහා  අධිකරණ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවකට අද (06) පෙරවරුවේ එක්වෙමිනි.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ඇමතිනිය මෙසේ ද පැවසුවාය.
”පසුගිය කාලය පුරාවටම මේ මිනිස් වෙ‍ෙළදාම මැඩලීම සදහා ගෙන ගිය කටයුතු සදහා විදේශ රැකියා අමාත්‍යංශය සහ අධිකරණ අමාත්‍යංශය විශාල දායකත්වයක් ලබා දුන්නා. දැන් අධිකරණ අමාත්‍යංශය සහ විදේශ රැකියා අමාත්‍යංශය යන දෙකම ලැබීම තුළින් තවදුරටත් මිනිස් වෙ‍ෙළදාම මැඩලීමේ කාර්යය ශක්තිමත්ව ක්‍රියාත්මක කළ හැකියි”.
මේ සියලු උත්සාහයන්හි ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව දෙවන පෙළ සෝදිසි ලැයිස්තුවේ සිට දෙවන පෙළ දක්වා උසස් කළා . ශ්‍රී ලංකාව දෙවන පෙළ සෝදිසි ලැයිස්තුවේ සිටියා නම් අපේ රටට විවිධ සම්බාධක පැනවීමේ අවධානමක් ද පැවතුණා.
එම තත්ත්වයෙන් නිදහස්වීම නිසාම අපේ රටට ජාත්‍යන්තර වශයෙන් වාසි රැසක් අත් වුණා. එය තවදුරටත් ආරක්ෂා කර ගත යුතුයි. අපි දෙවන පියවරේ සිට තවදුරටත් ඉදිරියට යා යුතුයි. විශේෂයෙන් ම අවදානම් කලාපයෙන් ඉවත් වීම මගින් ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීම, වෙ‍ෙළද ගිවිසුම් අත්සන් කිරීම, සංචාරක කර්මාන්තය ඇතුළු ක්‍ශේෂ්ත්‍ර රැසක ප්‍රගතියට හේතු වෙන බව ද අමාත්‍යවරිය පැවසුවාය.
(under the courtesy of nethfm news web)

Related posts

පුංචි ලෝකාන්තය නැරැඹීමට ගොස් අතුරුදහන්වූ තරුණයාගේ සිරුර අඩි 200ක් පහළ ප්‍රපාතයෙන් සොයා ගැනේ (PHOTO)

Shiran Viraj

රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

Shiran Viraj

හදිසි කැබිනට් මණ්ඩලය රැස්වීමක් හෙට

Shiran Viraj
Translate »