mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති තාත්තා එළිදකියි

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම අද (15) උදෑසන  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි.
සිය පියාණන් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ලෙස දේශපාලන දිවිය අරඹා, කෙමෙන් කෙමෙන් ජනාධිපති ධූරය දක්වා ආ ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය වශයෙන් චතුරිකා සිරිසේනයන් ලැබූ අත්දැකීම් කැටි කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිඛෙන අතර ජනාධිපති ධූරය දරණ තම පියා පිළිබඳ ව, දියණියක  විසින් රචිත ප්‍රථම චරිතාපදානය ලෙසින් මෙය ඉතිහාසයට එක්වෙයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් හට ස්වකීය දේශපාලන ජීවිතයේ ආරම්භක අවධියේ සිටම නොසිතූ විරූ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවූ අතර පවුලක් වශයෙන් ඔවුන් ඒවා විද දරාගත් ආකාරය පිළිබදව සාමාන්‍ය සමාජය නොදත් තොරතුරු රැසක් මෙන්ම සියනෑ කෝරලයෙන් රජරටට ජීවිතය සොයා ගිය ධෛර්යවන්ත ගොවි පරම්පරාවේ සත්‍ය ජීවන පුවත මෙලෙස සාහිත්‍ය ලෝකයට විවර කෙරේ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් පිළිබදව හා 2015  ජනාධිපතිවරණ සටනේ මෙතෙක් හෙළි නොකළ සත්‍ය කථාවන් රැසක් සහිත මෙම ග්‍රන්ථයේ විශේෂත්වය වන්නේ දේශපාලනමය මුහුණුවරකින් තොරව ඉතා රසවත් නව කථාවක ආකෘතියෙන් රචනා කොට තිබීමයි.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇතුළු දේශපාලන දැවැන්තයන්ගේ සිට යුගයෙන් යුගය  සිදුවූ දේශපාලන සංසිද්ධීන් වලදී සිය පවුල වෙත ඒවායේ බලපෑම එල්ලවු ආකාරය පිළිබදව විග්‍රහයන් මෙහි ඇතුළත් වෙතත් ඒවා මෙම කෘතිය තුළ රස නුසුන් කොට ලියැවී ඇත.
මෙම ග්‍රන්ථය රචනා කළ ජනාධිපතිතුමාගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිධාරිණියක් වන අතර ඇය සමාජ ක්‍රියාකාරිනියක ලෙස ජනහිතවාදී සේවාවන් රැසක් ඉටුකරමින් සිටින්නීය.
(under the courtesy of adaderana news web)

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරය කලා ලෝකයම රිදවනවා ගායක – ගායිකා සංග­මයේ සභා­පති කීර්ති පැස්කු­වල්

Shiran Viraj

ආනන්ද – නාලන්ද ගැටුමේදී පොලිස් භාරයට ගත් සිසුන් 10 දෙනෙකුට ඇප

Shiran Viraj

පරාජයන්ගේ අමිහිරි මතකයන් මැද දික්වැල්ලට අද ලෝක වාර්තාවක් බිහි කිරීමේ අවස්ථාව

Shiran Viraj
Translate »