24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුණු වලෙන් ගොඩට එන්න ජනතාවගෙන් සහය ඉල්ලයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේ වනවිට පෙන්වන පසුබෑමේ ස්වරූපය වෙනස් කර ජයග‍්‍රාහී මාවතට අවතීර්ණ වීම සඳහා කළ යුත්තේ කුමක්දැයි මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ලිඛිතව තොරතුරු ලබාදෙන ලෙසටයි දැනුම් දෙන්නේ.
සභාපති, ජාතික ක‍්‍රීඩා සභාව, ක‍්‍රීඩා අමාත්‍යංශය, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 යන ලිපිනයට අදහස් යොමු කළ හැකියි.
ක‍්‍රිකට් ක‍්‍රීඩාව යළි ගොඩනැගීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කෙරෙන විශේෂ වැඩමුළුවක් ද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ඒ, සැප්තැම්බර් 15 වැනිදායි. ඒ සඳහා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ ප‍්‍රවීණයින් සහ විද්වතුන්ගේ ද අදහස් ලබා ගැනීමටයි නියමිතව ඇත්තේ.
(under the courtesy of nethfm news web)

Related posts

ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් නම් ජාතිවාදීන් රට ගිනි තියාලා…

Shiran Viraj

ශ්‍රී ලංකාවේ සිය දිවි හානි කර ගැනීම් බහුල ඇයි?

Shiran Viraj

අමෙරිකානු යුද නැවක් අනතුරේ – 7 ක් අතුරුදහන්

Shiran Viraj
Translate »