mediahumanrights.lk
Local News News

වවුනියාවේ ගෙවත්තකින් අත්බෝම්බයක් සොයාගනී

වවුනියාව – අම්බලන්ගොඩැල්ල ප්‍රදේශයේ ගෙවත්තක තිබී ඊයේ (18) සවස අත්බෝම්බයක් සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා.
අදාළ නිවසේ හිමිකරු බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවක මෙම අත්බෝම්බය හමු වී තිබෙනවා.
අත්බෝම්බය ප්ලාස්ටික් ආවරණයකින් ආවරණය කොට තිබී ඇති අතර, ගෙවත්ත පිරිසිදු කළ පිරිස බෝම්බය සහිත අදාළ ආවරණය දැක පොලිසියට දැනුම් දී තිබෙනවා.
ඉන් පසුව මඩුකන්ද පොලිසිය විසින් අත්අබෝම්බය ලබා ගෙන ඇති අතර බෝම්බය අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීම සඳහා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත ලබාදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මඩුකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ළඟදීම විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම්

Shiran Viraj

බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවා

Shiran Viraj

‘ගිනි කිකිලිගේ රජ ගැහිල්ල..’ සමග රෝසි රහස් පොලිසියේ…

Shiran Viraj