26.7 C
Colombo
2026-09-01
mediahumanrights.lk
Local NewsNews

ලක්ෂ විස්සක් වටිනා යතුරුපැදි සොරාගත් 3ක් දැලේ

පසුගිය මාස කීපය තුළ ලුණුගම්වෙහෙර ඇතුළු ප්‍රදේශ කීපයක මෝ පෙට් වර්ගයේ යතුරු පැදි සොරා ගත් සැකකරුවන් තිදෙනෙකු සොරාගත් යතුරුපැදි 15 ක් සමග ලුණුගම්වෙහෙර පොලිසිය විසින්  අද (04)දින අත්අඩංගුවට ගෙන තිබේ .
පසුගිය දින කීපය තුළදී ලුණුගම්වෙහෙර පොලිස් වසමේ මේ ආකාරයේ යතුරු පැදි නැතිවී තිබෙන බවට ලුණුගම්වෙහෙර පොලිසියට ලැබුණු පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ ලුණුගම් වෙහෙර පොලිසිය ප්‍රදේශයේ යතුරුපැදි උකස් ගන්නා ස්ථාන කීපයක් පරික්ෂා කිරීමේදී හම්බන්තොට අන්දරවැව ප්රුදේශයේ උකස් ගන්නා ස්ථානයක තිබ සොරාගන්නා ලද යතුරුපැදියක් සොයාගෙන ඇත.
පොලිසිය එය උකස් කළ තැනැත්තා සොයා ගෙන ඒ අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අද (04)උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු  බුත්තල ස්ථාන කීපයකට විකුණු හා උකස් කර ඇති යතුරු පැදි හා එම සොරකමට සම්බන්ද අනෙක් සැකකරුවන් දෙදෙනා බුත්තල අත්අඩංගුවට ගෙන තිබ.
සොරාගත් යතුරුපැදි 15 වටිනා කම රුපියල් ලක්ෂ 20 ක් පමණ වන බව පොලිසිය සදහන් කළේය.
අත්  අඩංගුවට ගත් සැකකරුවන් 05 දා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

සංචාරකයින් 100 දෙනෙක් සමග ගිනි කන්දක් පුපුරා යයි

Shiran Viraj

සමාජ ශාලා විවෘත කිරීමෙන් පසු දකුණු කොරියාවේ ආසාදිතයින්ගේ වර්ධනයක්

Shiran Viraj

මවුබිම වෙනුවෙන් සටන් කළ රණවිරුවා සුව කළ විස්මිත වෛද්‍ය මෙහෙයුම

Shiran Viraj
Translate »