27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

යාපනය බලකොටුවේ හමුදා කඳවුරු එපා

යාපනය බලකොටුව ඓතිහාසික නටබුන් සහිත ස්ථානයක් බැවින් යාපනය කොටුව තුළ යුධ හමුදා කඳවුරු ස්ථාපිත කිරීමට සුදානම් වීම අනුමත නොකරන බව ඊ.පි.ඩි.පි. නායක ඩග්ලස් දේවානන්ද මහතා පැවැසීය.
යාපනය සිවිල් ජනතාවගේ ඉඩම් තුළ පවතින ආරක්ෂක අංශ කඳවුරු ඉවත් කොට අක්කර 45 කින් පමණ සමන්විත යාපනය කොටුව තුළ යුධ හමුදා කඳවුරු ස්ථාපිත කිරීම අසාධාරණ නොවන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුගියදා පැවැසීය.
අදාළ ප‍්‍රකාශයට පිළිතුරු දෙමින් දේවානන්දා මහතා සඳහන් කළේ යාපනය බලකොටුව තුළ පෞරාණික නටබුන් රැසක් පවතින අතර, යාපනය කොටුව පුරාවිද්‍යා සංරක්ෂිත ප‍්‍රදේශයක් වන බවයි.
එබැවින් ඒ තුළ යුධ හමුදා කඳවුරු ස්ථාපිත කිරීම තුළින් ඓතිහාසික නටබුන් විනාශවීමේ අවධානමක් පවතින බවද හෙතෙම සඳහන් කරයි.
යාපනය යුධ හමුදා කඳවුරු සිවිල් ජනතාවගේ ඉඩම් තුළින් ඉවත් කොට යාපනය ප‍්‍රදේශයේ පවතින වෙනත් රජයේ ස්ථානයක ස්ථාපිත කිරීම සිදු කළ යුතු වුවත් යාපනය කොටුව තුළ යුධ හමුදා කඳවුරු ස්ථාපිත කිරීම සුදුසු නොවන බව ඔහු වැඩි දුරටත් පැවැසීය.
(under the courtesy of adaderana news web)

Related posts

චීන එන්නත් ලක්‍ෂ 140ක් ඇණැවුම් කරයි.. එන මාසයේම ලක්‍ෂ 30ක් මෙරටට…

Shiran Viraj

පාඨලී චම්පිකගේ පාලන කාලයේ ගල් අඟුරු මිළදී ගැනීමේදී රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවෙලා- කෝප් කමිටුව

Shiran Viraj

ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj
Translate »