2026-09-07
mediahumanrights.lk
Local NewsNews

මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන්ට ලංකාවෙන් උත්තරයක්

මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට කිසිසේත්ම ශී‍්‍ර ලංකාවට ඇතුළුවීමට ඉඩක් නොමැති බව ශී‍්‍ර ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ට ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවශ්‍ය වන්නේ නම් ඒ සදහා මියන්මාරයෙන් වීසා ලබාගත යුතු බවයි.
එහෙත් රෝහින්ග්‍යා සරණාගතයින්ට වෙනත් රටකට යාමට වීසා ලබාදීමක් සිදුවන්නේ නැහැ. එමෙන්ම රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට වලංගු විදෙස් ගමන් බලපත‍්‍රයක් මියන්මාර රජයෙන් ලබාදී නැහැ.
එබැවින් ඔවුන් ශී‍්‍ර ලංකාවට පැමිණෙනවා නම් පැමිණිය හැකි එකම මාර්ගය වන්නේ නීතිවිරෝධිව බෝට්ටු මගින් පමණයි.
එලෙස පැමිණි තිස් දෙනෙකු මේ වනවිට රැඳවුම් කඳවුරක සිටින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියාසිටියේ. ඔවුන් පැමිණ තිබුණේ රෝහින්ග්‍යා අර්බුදය උත්සන්නවීමට පෙර ඉකුත් අපේ‍්‍රල් 20 වැනිදා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
කෙසේවෙතත් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට සරණාගතභාවය ලබාදීම සම්බන්ධයෙන් කිසියම් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ගන්නා කි‍්‍රයාමාර්ගය කවරේ දැයි මෙහිදී විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂඨ ප‍්‍රකාශකයා සඳහන් කළේ ඒ පිළිබද තීරණ ගතයුත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය බවයි.
මේ අතර මියන්මාර වැසියන්ට ශී‍්‍ර ලංකාවට පැමිණීමට කිසිදු බාධාවක් නොමැති බවද ඔහු කියාසිටියා. පෙරේදා (16) සහ ඊයේ (17) දිනයේද එවැනි පිරිසක් ශී‍්‍ර ලංකාවට පැමිණ තිබුණා.
මීට වසර දෙකකට පෙරද රෝහින්ග්‍යාවරුන් 138 දෙනෙකු ශී‍්‍ර ලංකාවට පැමිණ තිබූ අතර ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් රටවලට පිටත්කර හැරීමට කටයුතු කළා.
පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පැවසුවේ රෝහින්ග්‍යා ගැටලූවේදී මියන්මාරය හුදෙකලා නොකර මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ට උදව් කළයුතු බවයි. රෝහින්ග්‍යාවරුන්ට ලංකාවට පැමිණීමට නොහැකි බව ඔහුද අවධාරණය කළා.
මේ අතර ෆේස්බුක් සමාජ වෙබ් අඩිය ඔස්සේ සංවිධානය වු පිරිසක් මියන්මාර රජයට සහාය පළ කරමින් කොළඹදී ඊයේ විරෝධතා පා ගමනකද නිරත වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපති අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා.. එනිසා නිදහස් උත්සවයට ගියේ නෑ..

Shiran Viraj

ලෝක රූ රැජින වෙන්න ගිය පුෂ්පිකා දෙවරක් රෙදි ගලවා ගනී…

Shiran Viraj

කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට එරෙහිව වව්නියාව මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් (PHOTOS)

Shiran Viraj
Translate »