mediahumanrights.lk
Local NewsNews

ව්‍යාජ ලේඛන සමඟ 2ක් දැලේ

ව්‍යාජ ලෙස සකස්කරන ලද රියැදුරු බලපත්‍ර, නිල මුද්‍රා, තාවකාලික රියැදුරු බලපත්‍ර, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ සහතික, විවිධ ආයතනවල ලිපි ශීර්ෂ, තැපැල් හැඳුනුම්පත්, වාහන අංක තහඩු සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ(24) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රාගම ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වයස අවුරුදු 51,52 වයස්වල පසුවන රාගම ප්‍රදේශයේම පදිංචි කරුවන් බව අනාවරණව වී තිබේ.
සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
(under the courtesy of adaderana news web)

Related posts

හොඳ රියැදුරන් සොයා මෙහෙයුමක්

Shiran Viraj

අවස්ථාවාදීන් එලවන හැටි ජනපති පවසයි

Shiran Viraj

UNPයට බායි කිව්වදාට මෛත්‍රීට හායි කියන බව නාමල් කියයි

Shiran Viraj
Translate »