31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

තීන්දුව දෝෂ සහිත ලු – වාස්ගේ පෙත්සම විභාගයට ගනී

කෝටිපත් ව්‍යාපාරිකයකු වු මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් 2013 වර්ෂයේ මැයි මස 22 දා ඝාතනය කිරීම සම්බන්දයෙන් කොළඹ මහාධිකරනයෙන් මරණ දන්ඩනය නියම වූ හිටපු නියොජ‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු වාස් ගුණවර්ධන ඇතුලු 6 දෙනෙකු එම නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවනු ලැබුවා.
මෙම අභියාචන පෙත්සම අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේ එය සැප්තැම්බර් මස 06 වැනිදා සලකා බැලීමට දින නියම කෙරුණා.
විත්තිකරුවන් සියලු චෝදනාවලට වරදකරුවන් කිරීමට කොළඹ මහාධිකරනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් තීන්දුව දෝෂ සහිත බව පවසමින් එය ඉවත දමා විත්තිකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබෙනවා.
හිටපු නියොජ‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිදු ගුනවර්ධන, උප පොලිස් පරික්ෂක ඉන්දික බමුණුගේ, පොලිස් කොස්තාපල් ගාමිණි සරත් චන්ද්‍ර, පොලිස් කොස්තාපල් ප්‍රියන්ක සංජීව සහ පොලිස් කොස්තාපල් කැලුම් රංග යන අය මරණ දණ්ඩණයට නියම ව සිටිනවා.
(under the courtesy of nethfm news web)

Related posts

උණුසුම් වු කොටදෙණියාව

Shiran Viraj

වාහන මිල පහල බසී…

Shiran Viraj

අධ්‍යාපනය හා සෞඛ්‍යට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්..

Shiran Viraj
Translate »