29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

චැනල් අයිතිකාරයෙක් එක්ක උදාරිගේ පටලැවිල්ලක්? උදාරි සියල්ල හෙළි කරයි

උදාරි පෙරේරා කියන්නේ මේ වන හැමෝම දන්න කියන චරිතයක්..
කොහොමවුනත් පසුගිය කාලයේ සිදුවූ යම් යම් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකට උදාරිගේ නමත් ගෑවිලා තිබුණා. මේ කටකතාවලට ඇය සතිඅන්ත පුවත්පතක් සමග එක්වෙමින් පිළිතුරු ලබාදී තිබුණා.මේ එම සංවාදයයි.
උදාරි සද්ද නැතිව ඉන්නකොට අපි හිතුවා ලංකාවේ නැතිව ඇති කියලා?
මං කොහෙවත් ගියේ නෑ.සුනිල් සර්ගේ යශෝධරා ෂූටින් වල හිටියා.
ඒ කියන්නේ තවත් අලුත් වැඩක?
ඔව්.මං ඒ ෆිල්ම් එකේ මහා ප්‍රජාපතීගේ දුවගේ චරිතය රඟපානවා.
මේ ටික කාලෙට උදාරිගේ නංගි දැන් රඟපාන්න ඇවිත් නේද?
ඔව් ඒ ගැන සන්තෝසයි මට. ශෙහානි දැන් ෆිල්ම් දෙකක් ඉවරයි
තරඟ නැතිව දිනන උදාරි තරඟෙන් වැටුණු කිරුළ ගැන එක්තරා තැනැත්තියක් තවම චෝදනා කරනවා නේද?
ඔව්.මාත් දැක්කා.හරි හමන් චැනල් එකක් කරගන්න බැරි කට්ටියක් ඒ ඔය කෙනාව ගෙන්වලා මට මඩ ගහනවා.
ඉතින් ඒක හොඳ දෙයක් නෙමෙයි නේද?
නෑ.ඔය චැනල් එකට පොඩ්ඩක් හරි ක්‍රියේටිව් එකක්වත් නෑනේ.
හැමෝම බලන් ඉන්නේ උදාරිට වැරදෙනකන් නේද?
පෞද්ගලිකව මගේ ළගින් හිටිය අය හින්දම මට ඔය දේවල් වුණා.බුද්ධිමත්ව ඉන්න හින්දා කෙනෙක් දෙන්නෙක් නම කැත කරනවට මම සැලෙන්නේ නෑ
චැනල් අයිතිකාරයෙක් එක්ක හුටපටයක් තියනවා කියලා කරන චෝදනාව පස්සේ ඉන්නේ කවුද?
මම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවයේ අවුරුදු 7ක් වැඩ කළා.එතකොට අඳුරගත්ත මිතුරියක් මේ වැඩේට හවුල්.මම ඔය කියන චැනල් අයිතිකාරයා එක්ක සම්බන්ධයක් තිබ්බා නම් හොඳ වාහනයක් ලොකු ගෙයක් බැංකු ගිණුමේ ලොකු ගාණක් තියෙන්න ඕනෑ..එහෙම අය එක්ක යාලුවෙලා කෙටි ක්‍රම වලින් ගොඩයන්නේ මොකටද?මම අමාරුවෙන් රඟපාලා ජීවත් වෙන කෙනෙක්.
ඔය චැනල් අයිතාකාරයා සම්බන්ධයක් තියනවා කතාව වගේම ක්‍රීඩකයෙක්ගේ වීඩියෝ එක රිලීස් කළෙත් උදාරි කියලා අර තැනැත්තිය කියනවලු නේද?
මම නංගි කෙනෙක් පවුලක්තියෙන කෙනෙක්.ඔය වගේ අසභ්‍ය වීඩියෝ එකක් ළඟ තියාගෙන එළියට දාන්න තරම් පහතට වැටිලා නෑ.
මේ මඩ ගහන තැනැත්තියන් දෙන්නම එක්කෙනක්ද?
නෑ දෙන්නෙක්.එක්කෙනක් මිස් යුනිවර්ස් විවාහක රූ රැජිණ අන්තිම තරඟයේදී සිංහලෙන් අහපු ප්‍රශ්නෙටවත් උත්තර දෙන්න බැරි වුණු කෙනෙක්.අනික් කෙනා මං අඳුනගත්ත කෙනෙක්.
ඔබ රූ රැජිණ තරඟවල විනිශ්චය කරනවා.අලුත්ළමයින්ට දෙන තියන පණිවුඩය?
පොඩි කාලේ ඉඳන් අපේ වැඩිහිටියෝ කියලා දුන්නා ගැහැණු ළමයෙක්ගේ ඇඟ අතපත ගාන්න දෙන්න එපා වගේ දේවල් කියලා දීලා තියනවා.අද අපිට අනික් අයට කියලා දෙන්න පුලුවන් එක්තරා සීමාවකදි විතරයි.
සිනමාවෙදි උදාරිට ගැලපෙන පෙම්වතා කවුද?
ඒක තීරණය කරන්න ඕනෑ චිත්‍රපට අධ්‍යක්ෂවරයා.මට ඉන්න ඕනෑ කෙනෙක් ගැළපෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

ජෙරම් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගනී..

Shiran Viraj

අගමැතිනි යන්නේ වාහන තුනකින්.. පාරවල් තුනක් වහලා ඉඩ දීලා..

Shiran Viraj

15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA

Shiran Viraj
Translate »