26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

ගණේමුල්ල ගුවන් පාලම වසර අගදී ජනතා අයිතියට

ගණේමුල්ල ගුවන් පාලමේ වැඩ කටයුතු මෙම වසර අගදී ජනතා අයිතියට පවරා දීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
දිවයිනේ සියලූ ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජන ජීවිතය සුව පහසු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර තිබෙන තිරසර සංවර්ධන වැඩසටහන යටතේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරිණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන මෙම ගුවන් පාලම මීටර් 504 ක් දිගින් යුක්ත වන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1760 කි.
ගම්පහ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන නගරයෙක් වන ගණේමුල්ල නගරයට දෛනික කටයුතු සඳහා ජනතාව විශාල පිරිසක් පැමිණෙන අතර නගරය මැදින් දිවෙන දුම්රිය මාර්ගය හේතුවෙන් එහි පවතින්නේ දැඩි වාහන තදබදයක් වන අතර මේ හේතුවෙන් ප‍්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් පුරා දැඩි අසීරුතාවයකට පත්ව සිටියේය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ගුවන් පාලමේ ඉදිකිරීම් කඩිනමින් කි‍්‍රයාවට නංවා ඇත.
මේ සඳහා රුපියල් මිලියන 1760 වෙන් කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

සිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..

Shiran Viraj

කොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි..

Shiran Viraj

අලුත් අවුරුදු සමය තුළ පුද්ගලයින් 665 ප්‍රතිකාර ලබයි

Shiran Viraj
Translate »