27.7 C
Colombo
2026-10-22
mediahumanrights.lk
Local NewsNews

ඇමතිගේ වැඩි ආරක්ෂාව STF ලොක්කගේ තනතුරට තට්ටු කරයි ?

ජාතික ‍පොලිස් කොමිසම විසින් පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වහාම එම තනතුරින් ඉවත් කරන්නැයි ගෙනා යොජනාව පිටුපස යටි අරමුණක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ලතීෆ්, මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකුට විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් ලබාදීම ඊට හේතුව බව පැවසේ.
අදාළ, අමාත්‍යවරයාට ජනාධිපතිවරයාට නොදෙවෙනි ආරක්ෂාවක් ලබාදී ඇති බවත්, මේ කාරණාව සම්බන්ධයෙන් එජාප මෙන්ම ශ්‍රීලනිප අමාත්‍යවරුද පොලිස් කොමිසම් සාමාජිකයන්ගෙන් නිල නොවන මට්ටමින් විමසීම් කර තිබූ බවද මේ අතර වාර්තා වේ.
එම ඇමතිවරයා අලුතින් ඉදිකළ නිවස ඉදිකිරීමේදී ද පොලිස් විශේෂ කාර්යබලකායේ විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබූ බව මේවන විට හෙළිව ඇතැයි වාර්තා වේ.
(under the courtesy of srilankamirror news web)

Related posts

ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..

Shiran Viraj

කතානායක අද අත්සන තබයි

Shiran Viraj

පරිගණක ඉංජිනේරු වෘත්තිය අතහැරි "සාරංග" බදුල්ලේ සමාහිත නමින් පැවිදි වෙයි

Shiran Viraj
Translate »