28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

"රමෝන් මැග්සයිසේ" සම්මානය යළිත් ශ‍්‍රී ලාංකිකයෙකුට

ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන පිලිපීනයේ ‘‘රමෝන් මැග්සයිසේ’’ සම්මානය මෙවර ශ‍්‍රී ලාංකිකයෙකුට  ද පිරි නැමීමට තීරණය කර තිබෙනවා.
සම්මානය පිරි නැමීමට නියමිතව ඇත්තේ ජී.ෂන්මුගම්ටයි. යුද්ධයෙන් සහ විවිධ ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ ජීවිත යළි නගා සිටවීම වෙනුවෙන් ඇය සිදු කළ විශිෂ්ඨ කැප කිරීම අගය කරමිනුයි මෙම සම්මානය පිරි නැමීමට තීරණය කර ඇත්තේ.
වසර 40 කට අධික කාලයක් ඇය ශ‍්‍රී ලංකාව තුළ මෙම කටයුත්තෙහි නිරත වුණා. ඇයගේ විශේෂිත ඉලක්ක ගත කණ්ඩායම බවට පත් වූයේ පීඩාවට පත්වූ කාන්තාවන්ට සහ ළමුන්ට පිහිට වීමයි.
සම්මානය ලබා ගැනීම සඳහා ජී.ෂන්මුගම් මේ වන විට ද පිලිපීනය බලා ගොස් තිබෙනවා.
‘‘රමෝන් මැග්සයිසේ’’ සම්මානයෙන් පිදුම් ලබන දස වන ශ‍්‍රී ලාංකිකයා වන්නේ ඇයයි. මීට පෙර 1958 දී මේරී රත්නම් එම සම්මානයෙන් පිදුම් ලැබූ අතර 1959 වසරේ දී ද ටාර්සි විට්ටච්චිට ද මෙම සම්මානය හිමි වුණා.
ඒ. ටී. ආරියරත්න 1969 දී  හා ජෝෂප් ෆර්ඩිනැන්ඩස් සහෝදරතුමන් 1976 දී ද එල්. ටී. පී. මංජු ශ‍්‍රී 1979 දී ද මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලැබුවා.
මර්සිලින් ජයකොඩි පියතුමන් 1983 දී මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අතර එදිරිවීර සරත්චන්ද්‍රයන්ට ද 1988 දී මෙම සම්මානය හිමි වුණා.
පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේවයන් 2001 දී මැගසයිසේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2008 දී ආනන්ද ගලප්පත්ති එම සම්මානයෙන් පිදුම් ලැබුවා.
මැග්සයිසේ සම්මානය ශ‍්‍රී ලාංකික කාන්තාවකට හිමිවන දෙවන අවස්ථාව මෙයයි. ඇයට අමතරව පිලිපීන ජාතික කාන්තාවකට ද මෙවර එම සම්මානය හිමි වනවා. එමෙන්ම ඉන්දුනීසියානු, ජපාන හා සිංගප්පූරු ජාතිකයින් තිදෙනෙකුට ද පිලිපීනයේ ක‍්‍රියාත්මක සංවිධානයකට ද මෙවර සම්මානය පිරිනැමීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

IMF කොන්දේසි ඉවත්කර නව අයවැයක් ගේන්න! – ‘බැරිනම් විපක්ෂයට බාරදෙන්න’ යැයි සජිත් රජයට අභියෝග කරයි

Shiran Viraj

නාවික හමුදාපතිට සේවා දිගුවක්

Shiran Viraj

කොටුව දුම්රියපොළ බෝම්බ පිපුරුම – වසර 20ක සිර දඬුවම්

Shiran Viraj
Translate »