28.4 C
Colombo
2026-09-20
mediahumanrights.lk
NewsPolitical

රජයෙන් ඉඩමක් ලබාදී නිවසක් ඉදිකර ගැනීමට සහය

මූලික මිනිස් අයිතිවාසිකම් හෝ නොමැති ජනතාව මෙරට තවදුරටත් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
එම ජනතාවගේ මූලික අපේක්ෂාවන් ඉටු කිරීමට රජය කැපවී කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හික්කඩුව ගලගොඩ නැගෙනහිර හා ගලගොඩ බටහිර ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයන්හි ඉඩම් නොමැති පවුල් 55ක් සඳහා හිමිකම් පත‍්‍ර ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.
ඒ, හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ජීවිත කාලය පුරා නිසි වාසස්ථානයක් නොමැති පුද්ගලයින්ට ඉඩමක් ලබාදී නිවසක් ඉදිකර ගැනීමට සහය දැක්වීම වත්මන් රජයේ මූලික අරමුණක් බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ශ්‍රී ලන්කන් ගැන තීරණාත්මක තීන්දුවක් ගන්න ජනපති සූදානම්

Shiran Viraj

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීමට GMOA මැදිහත් වෙයි: ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට විශේෂ කමිටුවක්

Shiran Viraj

වත්තල කොල්ලයේ සල්ලි බෙදා ගත් හැටිත් වමාරයි

Shiran Viraj
Translate »