mediahumanrights.lk
BusinessBusiness NewsNews

මූල්‍ය බුද්ධි ඒකකය චීනය හා භූතානය සමඟ ගිවිසුම්වලට අත්සන් තබයි

2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය භූතානය හා චීන මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබේ.
මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මූදල් සැපයීමට අදාළ ව පරීක්ෂණ හා නඩු පැවරීම්වලට අදාළ මූල්‍ය තොරතුරු හුවමාරු කරගැනීම මෙම අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ මූලික පරමාර්ථයන් වේ. ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ ආචාර්ය එච්. අමරතුංග මහතා චීන මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ලුවෝ යූබිං මහත්මිය සහ භූතාන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානී නාජෝ ඩෝජී මහතා සමඟ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කොට ඇත.
ජාත්‍යන්තර වශයෙන් එකිනෙකට සම්බන්ධතාවයන් පවතින සහ ගෝලීය වශයෙන් සිදුවන අපරාධයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා එක් එක් රටවල් අතර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ලොව පුරා ඇති මූල්‍ය බුද්ධි ඒකකයන් මෙවැනි අවබෝධතා ගිවිසුම්වලට එළැඹේ.
මෙම අවබෝධතා ගිවිසුම් හරහා මූල්‍ය බුද්ධි ඒකකයන් අතර මනා සහයෝගීතාවයක් ඇති කරගනු ලබන අතර රටවල් අතර තොරතුරු හුවමාරු කරගැනීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකසා දීම සිදු වේ.
මෙම අවබෝධතා ගිවිසුම් දෙක අත්සන් කිරීමත් සමග මේ වන විට ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම් සංඛ්‍යාව 35ක් දක්වා වැඩි වී ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි – මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරයි

Shiran Viraj

248 සඳහා නාමයෝජනා භාර ගැනීමත් අදින් අවසන් වෙයි

Shiran Viraj

කතානායක IDH රෝහලට ඇතුළු කෙරේ….

Shiran Viraj
Translate »