26.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
News

අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්‌

අඩි උස සපත්තු පැළඳීමෙන් පාදවල වේදනාව, තුවාල හා පාදවල මහපටඇඟිලිවල සන්ධිවල ඉදිමුමක්‌ හටගැනීමේ හැකියාව වැඩි බව ස්‌කොට්‌ලන්ත පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වය මත සමාගම් විසින් සිය කාන්තා කාර්ය මණ්‌ඩල සාමාජිකාවන්ට අඩි උසැති සපත්තු පැළඳ සේවයට වාර්තා කරන ලෙස බල කිරීම නැවැත්විය යුතු බව එම පර්යේෂකයෝ කියා සිටිති.
ස්‌කොට්‌ලන්ත රජය විසින් එසේ කාන්තා කාර්ය මණ්‌ඩල සාමාජිකාවන්ට අඩි උසැති සපත්තු පළඳින ලෙස පැවසීම තහනම් කිරීමට අදාළ නීති ගෙන එන ලෙස ඉදිරිපත්වූ ඉල්ලීමක්‌ ඉකුත් අප්‍රේල් මාසයේ දී ප්‍රතික්‌ෂේප කර ඇති අතර එම නීති ගෙන ඒම අඩි උසැති සපත්තු පැළඳීමෙන් සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීමේ අවදානම වැඩිවීම නිසා අත්‍යවශ්‍ය බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.
ස්‌කොට්‌ලන්තයේ ඇබර්ඩින් සරසවියෙහි පර්යේෂකයින්ට අනුව අඩි උසැති සපත්තු පැළඳීම හා ඒ හරහා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වීම සිදුකළ යුතුව ඇත.
අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට ඔස්‌ටියෝ ආතරයිටිස්‌ රෝග තත්ත්වයද හට ගත හැකි බව අනාවරණය වී ඇතත් එය තහවුරු කිරීමට දැනට පවතින සාධක ප්‍රමාණවත් නොවන බව ඔවුහු කියා සිටිති.
දැනටමත් එක්‌සත් රාජධානියේ රජය කාන්තා කාර්ය මණ්‌ඩල සාමාජිකාවන්ට අඩි උසැති සපත්තු පැළඳීමට බල කිරීමෙන් වළකින ලෙස සමාගම් හිමිකරුවන්ට නියම කිරීමට හා ඒ සම්බන්ධව ඔවුන් දැනුවත් කිරීමට අදාළ උපදෙස්‌a සකස්‌ කිරීමට ප්‍රතිඥ දී තිබේ. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සංශෝධනය කරන ලද ව්‍යවස්‌ථාවකින් සමාගම් හිමිකරුවන්ට දැනටමත් කාන්තා කාර්ය මණ්‌ඩල සාමාජිකාවන්ට අඩි උසැති සපත්තු පළඳින ලෙස පැවැසීම දැඩිසේ සීමා කර තිබේ. මෙම අඩි උසැති සපත්තු පැළඳීමෙන් සිදුවන සෞඛ්‍ය ගැටලු පිළිබඳව අධ්‍යයනය මෙහෙයවූ වෛද්‍ය මැක්‌ස්‌ බානිෂ්ට අනුව අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ගේ සෞඛ්‍යයට පැහැදිලි තර්ජනයක්‌ එල්ල වන බවට සාක්‍ෂි විශාල ප්‍රමාණයකින් සනාථ වී ඇත.
මෙම සොයා ගැනීම් හරහා නීති සම්පාදකයින්ට කාන්තාවන්ට සේවා ස්‌ථාන හා සමාජ සේවා ස්‌ථානවලට යාමේදී අඩි උසැති සපත්තු පළඳින ලෙස බලකිරීම නවතාලන නීති සකස්‌ කිරීමට මඟපාදනු ඇතැයි ඇබර්ඩින් සරසවියේ කථිකාචාර්ය වෛද්‍ය හෙදර් මෝගන් පවසන්නීය.
divaina.com

Related posts

රැල්ලේ නොයන සනුකගෙන් ආලයට අපූරු පෙරවදනක්

Shiran Viraj

සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ…

Shiran Viraj

රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..

Shiran Viraj
Translate »