mediahumanrights.lk
Local NewsNews

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ වහාම නිවැරදි කරන්න.. එ.ජා.පයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශයක් වහාම නිවැරදි කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසුවේ අදාළ බැඳුම්කර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් ට්‍රිලියනකක් අලාභයක් සිදුව ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි.
එහෙත් එය වැරදි තත්වයක් බවද නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියා.
මන්ත්‍රීවරයා මෙම කරුණු දැක්වූයේ එක්සත් ජාතික පක්ෂය සිරිකොත මන්දිරයේ අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව එක්සත් ජතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉදිරියේදී විරෝධතා සිදු කිරීමට ද ඉඩ තිබෙන බවයි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

(under the courtesy of nethfm news web)

Related posts

ජනපතිගේ ගැසට් එකේ දෝෂයක්!

Shiran Viraj

VAT ලියාපදිංචි නොවී වෙලදුන් හොර බිල් හදා වැඩි මිලට බඩු විකුණති…

Shiran Viraj

මුරලි සතුව තිබූ වාර්තාවක් අශ්වින් සතු කරගනී

Shiran Viraj
Translate »