පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
ඊට පක්ෂව ඡන්ද 120 ක් හිමිව තිබූ අතර 44 දෙනෙකු ඡන්දය ලබා දුන්නේ නැහැ. පනත් කෙටුම්පතට විපක්ෂව කවුරුත් ඡන්දය භාවිතා කළේ නැහැ.
පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සළකා බලා තෙවැනි වර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බවයි කතානායක කරූ ජයසූරිය නිවේදනය කළේ.
2012 අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා විසින් පසුගිය ජූනි 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
(under the courtesy of nethfm news web)
previous post
next post