mediahumanrights.lk
BusinessBusiness NewsNews

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටු තීරණය

ජනතාවට සහන සැලසීම පිණිස 2017.08.01 පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව විසින් ගනු ලැබූ තීරණ පහත පරිදි වේ.
මේ දිනවල රටේ දිස්ත්‍රික් ගණනාවක පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදිරි මාස 02 කට රු. 5000 බැගින් වූ අත්‍යවශ්‍ය ආහාර මල්ලක් බෙදා දීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ආනයනික සහල් 1kg ක් සඳහා වූ රු.5/-හේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) ශත 25 දක්වා අඩු කර තිබේ. සහල් කිලෝවක් සඳහා වන ශත 25හේ මෙම නව බද්ධ 2017 දෙසැම්බර් 31 දින දක්වා බල පැවැත්වේ.
ආනයනික තෙත් මාළු (wet fish) සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.50/-කින් අඩු කර තිබේ. ඒ අනුව ආනයනික මාළු අතරින් තලපත් සහ කොප්පරා මාළු 1kg ක් සඳහා මෙතෙක් පැවති රු.75/- විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 25/- දක්වා අඩු කරනු ලැබ ඇත. ධීවර අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක මෙම නව මිල අඩු කිරීම ඉදිරි මාස තුනක් සඳහා වලංගු වේ.
කුකුළු කෑම නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන බඩ ඉරිඟු සඳහා පැවති ආනයනික තීරු බදු සියල්ල ඉවත් කර බඩ ඉරිඟු 1kgක් සඳහා රු.10/-ක නව විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අද සිට ක්‍රියාත්මක කෙරේ. මෙතෙක් බඩ ඉරිඟු සඳහා 15%ක ආනයන බද්දක්, 15%ක වැට් බද්ධක්, 7.5%ක වරාය හා ගුවන්තොටුපල බද්දක්, 2%ක ජාතිය ගොඩනැගීමේ බද්දක්, 35%ක සෙස් බද්දක් අය කරනු ලැබී ය. මෙම සියලු බදු එකතු කළ විට ආනයනික බඩ ඉරිඟු කිලෝවක් සඳහා මෙතෙක් රු.60/- සිට රු.70/-ක් පමණ මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදු විය.
ඉදිරි මාස 6ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම සියලු බදු ඉවත් කර ඇති අතර මින් ඉදිරියට බඩ ඉරිඟු සඳහා රු.10/-ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පමණක් අය කරනු ලැබේ.
ආනයනය කරන ලද පිටි කිලෝවක සෙස් බද්ද රු. 25 සිට රු.15 දක්වා රු.10 කින් අඩුකර තිබේ. එමෙන්ම, තිරිඟු ඇට මත වූ බද්ද කිලෝ 1 ට රු. 9 සිට රු. 6 දක්වා රුපියල් 3 කින් අඩුකර තිබේ.
මේ අනුව, ආනයන බදු සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩුකරන ලද ඉහත සියළු අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළඳපල මිල ඉදිරි දින වලදී අඩුවනු ඇත.
පාරිභෝගික ජනතාවට සහන සලසනු පිණිස සහල්, සීනි, අල, ලොකු ලූණු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 47ක් සඳහා වන විවිධ වූ බදු ඉවත් කර ඒ සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු රජය විසින් පනවා ඇති අතර මෙම කෘෂි නිෂ්පාදන වෙළෙඳ පොළට එන අවස්ථාවන්හි ගොවියා ආරක්ෂා කිරීම පිණිස මෙම වෙළෙඳ භාණ්ඩ බද්ද ඒ ඒ අවස්ථාවන්හී දී රජය විසින් වැඩි කරනු ලැබේ.
(under the courtesy of adaderana news web)

Related posts

කළු කඩේ ගෑස් 4500යි

Shiran Viraj

බොරැල්ලේ සිට මරදාන දක්වා ගමන්ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Shiran Viraj

සරත් ෆොන්සේකාට විශ්වාසභංගයක්-තීරණේ අද

Shiran Viraj
Translate »