28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

ජනිත්ගේ දුටුදා කවුරු වෙනුවෙන්ද ?

ඩී්‍රම් ස්‌ටාර් ජනිත් සූර්යා දයාරුවන්ව කොපි කළාද?
මනීෂා එක පයින්ම කැමැති වුණා
රියෑලිටි තරුවක්‌ වුණ ජනිත් ඉද්දමල්ගොඩ පසුගිය සතියේ අලුත් වැඩක්‌ කළා. ඉතිං අපි ජනිත් එක්‌ක ඒ ගැන කතා කළා.
දුටුදා ගැන මුලින්ම කියමුකෝ ?
සංගීතවත් කළේ නිමේෂ් කුලසිංහ. පද රචනය අමිල රුවන් නන්දසේනගේ.
දුටුදා කළේ කවුරු වෙනුවෙන්ද?
ඒකට උත්තරයක්‌ නැහැ. ඉදිරියේදී මුණගැහෙන කෙනාට තමයි දුටුදා කළේ.
දුටුදා මියුසික්‌ වීඩියෝවට මනීෂාව තෝරාගන්න විශේෂ හේතුවක්‌ තිබුණා කියන්නේ ඇත්තද?
අනේ විශේෂ හේතුවක්‌ නැහැ. ඇයව මම කොහොමත් හොඳට දන්නවා. අනික මම හිතුවා මේකට මනීෂා තමයි ගොඩක්‌ ගැලපෙන්නේ කියලා. ඒ වගේම වැඩේ හිතුවාට වඩා සාර්ථකයි.
දුටුදා කළේ මනීෂා වෙනුවෙන් කියන්නේ ?
අනේ නැහැ. ඇත්තටම ඇය මට සහෝදරියක්‌ වගේ. මේ දවස්‌වල ඔය ගොසිප් එක හරියට අන්තර්ජාලයේ සැරිසරනවා. සෝෂල් මීඩියාවල ඔය ගැන ගොඩක්‌ කතාබහ වෙනවා. හැමෝම මගෙනුත් ඔය කතාව අහනවා.
සූර්ය දයාරුවන් මනීෂාව දාලා මියුසික්‌ වීඩියෝවක්‌ කළා. ජනිත් ඒක කොපිකළාද?
අනේ නැහැ. මම හිතන්නේ සූර්ය අයියා මියුසික්‌ වීඩියෝ එක කරන්නත් කලින් තමයි මම මනීෂාට මියුසික්‌ වීඩියෝ එකක්‌ කරන්න කතා කරලා තිබුණේ. මගේ සහ මනීෂා අක්‌කාගේ වැඩකටයුතු හින්දා තමයි දුටුදා මියුසික්‌ වීඩියෝ එක කරන්න ප්‍රමාද වුණේ.
මනීෂා මියුසික්‌ වීඩියෝ එක කරන්න කැමැතිවුණාද?
එයා එක පයින්ම කැමැතිවුණා. සූර්ය අයියාගේ වැඩේ වෙනම එකක්‌. මගේ වැඩෙත් වෙනස්‌ම එකක්‌. මම හිතන්නේ මේ දෙක දෙකක්‌.
හදිසියේම මියුසික්‌ වීඩියෝවක්‌ කරන්න හිතුවේ ඇයි ?
හදිසියක්‌ම නෙමෙයි. ගිය අවුරුද්දේ අප්‍රේල්වල තමයි මේ ගීතය ගායනා කළේ. මගේ විභාග කටයුතු එක්‌ක මියුසික්‌ වීඩියෝ එක කරන්න ටිකක්‌ ප්‍රමාද වුණා. තව මාස තුනක්‌ ඇතුළත තවත් මියුසික්‌ වීඩියෝ එකක්‌ එළිදක්‌වනවා. ළඟ ළඟ ගීත ගොඩක්‌ එළිදක්‌වනවා.
ජනිත් අනුන්ගේ ගීත කියන එක නවත්වන්නද හදන්නේ ?
අනිවාර්යයෙන්ම. අපි ඇත්තටම ස්‌තූතිවන්ත වෙන්න ඕනෑ ප්‍රවීණ සහ ජනප්‍රිය කියන සියලුම ගායක ගායිකාවන්ට. අදටත් මම ප්‍රවීණයන්ගේ ගීතවලින් යෑපෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපේ ගීත ටිකක්‌ හදාගන්න ඕනෑ. ප්‍රවීණයන්ගේ ගීත කියලා සල්ලි හොයන එක සදාචාරාත්මක නැහැ. හැම සති අන්තයකම ප්‍රසංග තියෙනවා. අපි කරන්නේ ඒවාට ගිහිං අනුන්ගේ ගීතයක්‌ කියන එකනේ. මම ඒක කරන්නේ හිතේ සතුටකින් නෙමෙයි. ඒ එක්‌කම ඒ ගැන ප්‍රවීණයන්ගෙන් සමාව ඉල්ලනවා. කාලයත් එක්‌ක වෙනස්‌ විදිහේ ගීත ටිකක්‌ එළියට දානවා.
දැන් ගොඩක්‌ තියෙන්නේ අඬන සින්දු. ජනිත් මේ රැල්ලට හසුවෙයිද?
මම මුලින් කරපු සින්දුවටත් ගොඩක්‌ දෙනෙක්‌ අඩුපාඩු කිව්වා. වැරදි තියෙනවා නම් හදාගන්න එපායෑ. වර්තමානයේ සමාජයේ ගොඩක්‌ තියෙන්නේ අඬන සින්දු සහ අසභ්‍ය දර්ශන ගීත. මම ඒකට හොඳ උත්තරයක්‌ දෙන්න හිතාගෙන තමයි මේ ගීතය එළිදැක්‌වූයේ. මේ වෙලාවේ සමාජයට ඕනෑ මේ වගේ ගීතයක්‌. අසභ්‍ය දර්ශන තියෙන මියුසික්‌ වීඩියෝ කරලා හිට්‌වීමේ වුවමනාවක්‌ මට නැහැ.
ගීතයේ අර්ථයට වඩා වෙනස්‌ම විදිහට තමයි දුටුදා මියුසික්‌ වීඩියෝව කළේ. ඇයි ඒ ?
ගීතයේ අර්ථයටම නෙමෙයි මියුසික්‌ වීඩියෝව කළේ. මට ඕනෑවුණේ නටන්න පුළුවන් ගීතයක්‌ කරන්න. මොකද මේ වෙලාවේ සමාජය අපෙන් බලාපොරොත්තුවෙන්නේ මේ වගේ දෙයක්‌ කියලයි මම හිතුවේ. හැමෝම කරන්නේ අඬන සින්දුනේ. සතුටින් අහන්න පුළුවන් ගීත හරි අඩුයි. වෙනසකටත් එක්‌ක තමයි ඒ විදිහේ මියුසික්‌ වීඩියෝවක්‌ කළේ. මට හිතෙනවා සාර්ථකයි කියලා.
හැමෝම අඬන සින්දු කරන හින්දා ජනිත් නටන්න සින්දුවක්‌ කළා ?
ඔව්. අනිවාර්යයෙන්ම. මගේ ආසාවක්‌ තිබුණා එළිමහන් සංගීත ප්‍රසංගවලට ගැලපෙන විදිහේ ගීතයක්‌ කරන්න. මොකද එතැන ඉන්න ප්‍රේක්‍ෂකයෝ ඉල්ලන ගීතයක්‌ අපේ ගීත එකතුවේ තියෙන්න ඕනෑ. නැතිනම් අපි එතැනදී ෆෙaල්. ඉතිං මම හිතුවා විවිධත්වයෙන් තියෙන ගීත කිහිපයක්‌ මගේ සින්දුගොඩට දාගන්න.
ඔබේ ගීතවලට රසිකයන්ගෙන් හොඳ ඉල්ලුමක්‌ තියේවිද?
ඒක වෙලාව තමයි. මේ වෙද්දී මේ තියෙන තාක්‍ෂණයත් එක්‌ක වගේම සමාජ ජාල හරහාත් ගොඩක්‌ සින්දු නිකුත් වෙනවා. අනික සතියකට ගීත පහක්‌ විතර එළිදැක්‌වෙනවා. තරගකාරීත්වය ගොඩක්‌ වැඩියි. ජනප්‍රිය වුණා හෝ නැතා හෝ මට ඕනෑ මගේ සින්දු ටිකක්‌ කියන්න. අවුරුද්දට එක ප්‍රසංගයක්‌ වුණත් කමක්‌ නැහැ. මොකද ඒක අපේ හිතට සතුටක්‌. වෙන කෙනෙකුගේ සින්දුවක්‌ කියලා කීයක්‌ හරි හොයනවාට වඩා අපේ සින්දුවක්‌ කියලා රුපියලක්‌ හරි හොයාගන්න එකයි හිතට සතුටු. හොඳ වැඩක්‌ කළොත් වරදින්නේ නැහැ.
අධ්‍යාපන කටයුතු එහෙම කොහොමද?
විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ටික ටික ජනප්‍රිය වෙනකොට කැපිලි කෙටිලි එමටයිලු නේද?
ඒක නම් ඇත්ත. උඩට යන්න යන්න තමයි කැපිලි කෙටිලි වැඩිවෙන්නේ. දැන් තමයි ඒක හොඳට තේරෙන්නේ. මට එන කැපිලි කෙටිලිවලට මම වැඩවලින් තමයි උත්තර දෙන්නේ.
ජනිත්ට ආදර යෝජනාවලින් එහෙමත් අඩුවක්‌ නැහැ නේද?
ආදර යෝජනා නම් එමටයි. මම හිතන්නේ ඒකට තව පොඩි කාලයක්‌ ඕනෑ. මොකද මම තවම ආදරය කරන්න පොඩි වැඩියි. අවුරුදු විස්‌සයිනේ.
දැන්ම ආදරයක්‌ පටලවාගන්නේ නැහැ ?
අනේ නැහැ. මොකද එහෙම කරලා මේ වඩේ කරන්න අමාරුයි කියලා හිතෙනවා.
ජනිත් ඉද්දමල්ගොඩ ප්‍රමුඛ ස්‌ටේඡ් වන් සංගීත කණ්‌ඩායමේ වැඩකටයුතු එහෙම කොහොමද?
වරදක්‌ නැහැ. සාමාන්‍ය විදිහට වැඩකරගෙන යනවා. පසුගිය කාලේ විභාග කටයුතු හින්දා මාස හයකට සංගීත කණ්‌ඩායමේ වැඩ නැවැත්තුවා. දැන් ආපහු ස්‌ටේන් වන් වැඩ පටන්ගත්තා. හදිසියක්‌ නැහැ. බොහොම හෙමිහිට වැඩකරගෙන යනවා. අනික එහෙම හදිසි වෙන්න වුවමනාත් නැහැ. මොකද මට තවම වයස තියෙනවානේ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

අගමැතිට සෙත්පතා අභයාරාමයේ පූජාවක්…

Shiran Viraj

මිල වැඩි කිරීමෙන් සිනොපෙක්ට දැවැන්ත ලාභයක්.. පරණ මිලට විශාල තොග ගෙන්වලා..

Shiran Viraj

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්

Shiran Viraj