2026-08-20
mediahumanrights.lk
Local NewsNews

කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් කැපූ 06ක් අල්ලයි (UPDATE)

කිලිනොච්චිය උට්ට්‍රපුලම් ප්‍රදේශයේදී යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අද (25) උදෑසන වන විට අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලීසිය සමත් වුණා.
කිලිනොච්චිය මුරුගණ්ඩි යුදහමුදා කඳවුරේ සහයක සේවා වශයෙන් යුදහමුදාවට එක් වූ දමිළ සෙබලුන් දෙදෙනෙකු නිවාඩු ලබා නිවසට යාමෙන් පසුව ඊයේ (24) රාත්‍රියේ උට්ට්‍රපුලම් ප්‍රදේශයේ වෙළඳසැලක් ආසන්නයේ මොවුන් තවත් තරුණයින් පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව තිබෙනවා.
පසුව බහින්බස්වීම දුර දිග යාමෙන් එම් ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් විසින් අදාල දමිළ යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහර දී ඇති අතර එම පහර දීමේදී තියුණු ආයුධයකින් සිදු කළ කැපීම් හේතුවෙන් ඔවුන්ට බරපතල තුවාල සිදු වුණා.
අනතුරුව අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ කිලිනොච්චිය පොලීසිය විසින් පහරදීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල පහර දීම දෙපිරිස අතර වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ වගකීමක් බව ජනපති පවසයි

Shiran Viraj

උෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..

Shiran Viraj

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…

Shiran Viraj
Translate »