2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ඇවන්ගාඩ් නඩුව මඟ හැලෙයිද? නියෝගය නොවැම්බර් 17 දා

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි.
එම සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදිම තුළින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව  චෝදනා  එල්ල වී තිබේ.
එහිදී නඩුව ඉදිරියටත් විභාග කිරීම සඳහා අනුමැතිය ලබාදෙන්නේ ද නැද්ද යන නියෝගය නොවැම්බර් මස 17 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා දැනුම් ඇත.
2010 වසරේ අගෝස්තු මස 8 වැනිදා සිට 2015 වසරේ ජනවාරි මස 8 වැනිදා දක්වා කාලය තුළ ගාලු මුහුදු තීරයේ පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11 යි දශම 4 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Related posts

ඩොලර් මිලියන 23.57ක මහ කන්නයේ යූරියා ටෙන්ඩරය JAT ට

Shiran Viraj

උපේක්‌ෂාගේ කැදැල්ලේ නැවුම් තතු

Shiran Viraj

අන්තර් ජාතික බලපෑම් සමනය කරන්න හැකි වුණා

Shiran Viraj
Translate »