2026-02-16
mediahumanrights.lk
Local NewsNews

ඇමතිගේ වැඩි ආරක්ෂාව STF ලොක්කගේ තනතුරට තට්ටු කරයි ?

ජාතික ‍පොලිස් කොමිසම විසින් පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වහාම එම තනතුරින් ඉවත් කරන්නැයි ගෙනා යොජනාව පිටුපස යටි අරමුණක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ලතීෆ්, මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකුට විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් ලබාදීම ඊට හේතුව බව පැවසේ.
අදාළ, අමාත්‍යවරයාට ජනාධිපතිවරයාට නොදෙවෙනි ආරක්ෂාවක් ලබාදී ඇති බවත්, මේ කාරණාව සම්බන්ධයෙන් එජාප මෙන්ම ශ්‍රීලනිප අමාත්‍යවරුද පොලිස් කොමිසම් සාමාජිකයන්ගෙන් නිල නොවන මට්ටමින් විමසීම් කර තිබූ බවද මේ අතර වාර්තා වේ.
එම ඇමතිවරයා අලුතින් ඉදිකළ නිවස ඉදිකිරීමේදී ද පොලිස් විශේෂ කාර්යබලකායේ විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබූ බව මේවන විට හෙළිව ඇතැයි වාර්තා වේ.
(under the courtesy of srilankamirror news web)

Related posts

කුෂිනගර් ගුවන් තොට විවෘත කරන මුල් ගුවන් යානය ඇමති නාමල් ඇතුළු පිරිසක්..

Shiran Viraj

රටපුරා සීනි දැඩි හිගයක්.. කිලෝව 370 පනී..

Shiran Viraj

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද

Shiran Viraj
Translate »