mediahumanrights.lk
International News News

අමෙරිකානු යුද නෞකාවක් ඉන්ධන නැවක ගැටෙයි

අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ඉන්ධන ප‍්‍රවාහන නෞකාවක ගැටී තිබෙනවා.
ඒ, සිංගප්පූරු මුහුදු සීමාවේදීයි.
අනතුරෙන් නාවික සෙබළුන් දස දෙනෙකු අතුරුදන්ව ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අනතුරෙන් පසු අදාළ මුහුදු සීමාවේ මේ වනවිට දැවැන්ත සෝදිසි මෙහෙයුමක ද ක‍්‍රියාත්මකයි.
එමෙන්ම අනතුරෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ද තවදුරටත් ක‍්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගත වූ මාස කිහිපය හා සැසදීමේ දී අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙයයි.

Related posts

එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්

Shiran Viraj

ආගමික ස්ථානවලට අඩුවට විදුලිය දෙන්න වෙනම බලාගාර නෑ.. සූර්ය පැනල ගහගන්න..- කංචන තනි කෙලින්..

Shiran Viraj

ලංකාව බංකොලොත් කියලා ලෝකෙට කියන්න හොද නෑ…

Shiran Viraj