28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

විග්නේෂ්වරන්ගේ ක්‍රියාකලාපය ගැන අරසුකච්චි පක්ෂයේ විශේෂ සාකච්ඡාවක්

උතුරු පළාත් සභාවේ හටගෙන ඇති අර්බුද සහ පළාත් ප්‍රධාන අමාත්යය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපය පිළිබද ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් යාපනය ප්‍රදේශයේ දී පවත්වා තිබේ.
පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
විග්නේෂ්වරන් මහතා පක්ෂයේ තීරණවලට පිටුපා කටයුතු කිරීම සහ පක්ෂයේ යෝජනාවලට ඔහු එකඟ නොවීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුවී තිබේ.
ඒ අනුව පක්ෂයේ තීරණ නොසලකා කටයුතු කරන නියෝජිතයින් සම්බන්ධයෙන් ඉදිරියේ දී මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගත යුතු බවට ද එහිදී තීරණය වී ඇති බව සඳහන්ය.
(under the courtesy of nethfm news web)

Related posts

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවසන් කිරීමට කැබිනට් අනුමැතිය – නව පනත් කෙටුම්පත ගැසට්ටුවට

Shiran Viraj

විදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෑ…

Shiran Viraj

අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්

Shiran Viraj
Translate »