29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

දැන් මත්තල ගුවන් තොටුපළේ ගිවිසුමට සූදානම්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ආර්ථික වර්ධන වේගය පහළ යනු ඇතැයි අපේක්ෂා කළද එවැන්නක් සිදු නොවන බවට මහ බැංකුව තමන්ට දැනුම් දී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
ස්වභාවික ව්‍යසනයන් හා ඩෙංගු උවදුර හේතුවෙන් මෙම වසරේ ආර්ථික වර්ධනය පහළ යනු ඇති බවට අපේක්ෂා කළ බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ පිළිබඳ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.
එහිදී සඳහන් කෙරුණේ “මේ වසර අවසානයේදී මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් අපි ගිවිසුමකට එළඹෙනවා. ඒ පිළිබඳ කටයුතු මේ වන විට සැළසුම් කරලා තියෙනවා. මත්තල ගුවන් තොටුපළයි වෙනත් සමාගම් කිහිපයකුයි මෙම ගිවිසුමට ඇතුළත් වෙනවා. මේ වන විට එම මූලික සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටිනවා. මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරාට පස්සේ මත්තල ආදායම සියයට සියයකින් පමණ වැඩි වෙනවා.” යනුවෙනි.
ඊයේ පස්වරුවේ ඓතිහාසික කන්දෙ විහාරයට පැමිණි අග‍්‍රාමාත්‍යවරයා එහි විහාරාධිපති පූජ්‍ය බටුවන්හේනේ ශ‍්‍රී බුද්ධරක්ඛිත හිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගත්තා.
(under the courtesy of nethfm news web)

Related posts

සහල් මිල වැඩි කිරීම පාරිභෝගිකයන් ලැබූ ජයග‍්‍රහණයක්..

Shiran Viraj

කොළඹ ඉදිකිරීම් 500ක් ඉවත් කරන්නැයි නිවේදන…

Shiran Viraj

අනීතික / අවනීත රියදුරන් ඇල්ලීමට අද සිට විශේෂ මෙහෙයුමක්

Shiran Viraj
Translate »