mediahumanrights.lk
Local NewsNews

තරුණියක් පැහැරගත් හත් දෙනෙකුට වැඩ වරදියි

කැකිරාව හල්මිල්ලෑව ප්‍රදේශයේදී තරුණියක් පැහැර ගෙන ගිය සැකකරුවන් හත් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෑන් රථයකින් පැමිණි සැකකරුවන් එම තරුණිය පැහැර ගෙන ගොස් හබරණ හොරිවිල ප්‍රදේශයේ අත්හැර දමා ගොස් සිටියදී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
පසුව පොලිස් යතුරුපැදියක් සැකකරුවන් ගමන් ගත් වෑන් රථය ලූහු බැද මාර්ගය අවහිර කොට ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෑන් රථය තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයකට සමාන ප්ලාස්ටික් පිස්තෝලයක් සොයා ගත් බවයි කැකිරාව පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 හා 29 අතර පසුවන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
එක් සැකකරුවෙකු සමග අදාල තරුණිය ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
එම තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති සැකකරු යුද හමුදා සෙබලෙකු බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ ප්‍රවීණ කලා ශිල්පි රොඩ්නි වර්ණකුල

Shiran Viraj

Corona : තවත් 40ක් හමුවේ..

Shiran Viraj

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල

Shiran Viraj
Translate »